IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කපුවෙක් මැණක් පෙන්වා මාලයක් එරදි කරලා

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන

කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන යුවළක් රවටා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් රැගෙන ගිය කපුවකු පිළිබද කතාවක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.

ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති තම නිවසේ  බුලත්විට වෙළෙදාමක් සිදුකරමින් ජීවිකාව ගෙන ගිය යුවළක් සිටි අතර එම මාර්ගයේ ගමන් ගන්නා බොහෝ පිරිසක් එම ස්ථානයෙන් බුලත් විට මිලදී ගැනීම සිදුකළහ. දරුමල්ලන් නොසිටියත් දෙදෙනා සතුටින් ජීවත් වූ අතර බොහෝ අවස්ථාවල බිරිද කඩේ සිටිද්දී සැමියා කුමන හෝ වෙනත් කාර්යක නිරතවී ආදායම්ද ලබාගත්තේය.

යතුරුපැදියකින් පැමිණ බුලත් විට මිලදී ගත් පුද්ගලයකු වැඩිහිටියන් දෙදෙනා සමග කුළුපඟ සම්බන්ධතාවක් පටන්ගෙන තිබූ අතර වෙළෙදසැල දියුණු කර ගැනීමට තමන්ට උදව්කළ හැකි බවත් විදේශ ගතව මෑතකදී ලංකාවට පැමිණි අයෙකු බවටත් හඳුන්වාදෙමින් ඔවුන්ගේ සිත් දිනාගැනීමට ආගන්තුකයා සමත් විය.

බුලත් විට මිලදී ගැනීමට නතර වූ පුද්ගලයා හෝරා කිහිපයක් වෙළෙඳසලෙහි කාලය ගතකරමින් විවිධ විස්තර පවසමින් තමන් දේවාලයක් පවත්වාගෙන යන බවත් සඳහන් කළේය. වැඩිහිටි යුවළ ආගන්තුකයාට බත බුලතින් ද සංග්‍රහ කළහ.

බුලත් විට මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා පිටව යාමට පෙර තමන් සතුව තිබූ රන් ආභරණ කිහිපයක් ගෙන සුදු රෙදි කඩක ඔතා වැඩිහිටි යුවළට ලබාදී එය නිවසේ බුදු පහන තබන ස්ථානයේ තබන ලෙස උපදෙස් ලබා දී පිටව ගියේය.

පැය භාගයකින් පමණ නැවත පැමිණි ඔහු තමන් සතුව ඇති රත්රන් මුද්දක් සහ පෙන්ඩනය ලබාදීමට අමතක වූ බව  පවසා ඇත. පෙන්ඩනය සවිකර දීම සඳහා කාන්තාව පැළඳ සිටි රන්මාලය ඔහු ඉල්ලා සිටි අතර කාන්තාව නිවස තුළට කඩිනමින් දිව ගොස් තම රන්මාලයේ සවිකර තිබූ පෙන්ඩනය ඉවත්කර මාලය රැගෙන විත් කපුවාගේ අතෙහි තැබුවාය.

බුදු පහන අසල තබා තිබූ රන් ආභරණ  සමග මුද්ද මාලය ද තැබුවේය. වේල් තුනකින් පසු ආභරණ රැගෙන පළඳින ලෙස උපදෙස් ලබාදී දුරකතන අංකයක්ද ලබාදී කපුවා පිටව ගියේය. පසුදිනට පහන් වන තෙක් නොවිමසිලිමත්ව සිටි යුවළ උදේ පාන්දරම බුදු පහන තියා වතාවත් කර සුදු රෙදිකඩක ඔතා තිබූ රන් ආභරණ පිළිබඳව විපරම් කිරීමේ දී දෙදෙනාටම උන්හිටිතැන් අමතක විය.

රෙදිකඩෙහි ඔතා තිබුණේ ඉමිටේෂන් කරාබු කුට්ටමක් පමණි. එහි වටිනාකම රුපියල් පන්සියයක්වත් නොවිණි. කපුවා ලබාදුන් දුරකතන අංකයද භාවිතයේ නොමැති විය.

කඩය දියුණු කර ගැනීමට සිදුකළ පූජාව පිළිබඳව කතාව ටික දිනක් යන විට ගම පුරා පැතිර ගිය අතර  බුලත් විට මිලදී ගැනීමට පැමිණෙන තරුණයන් ‘කඩේ දියුණු කර ගන්නේ නැද්ද?’ යනුවෙන් විමසන අවස්ථාවලදී වැඩිහිටි යුවල ලු‍ණු ඇඹුල් ඇතිව එයට පිළිතුරු දෙන බවද පැවසේ.



අදහස් (0)

කපුවෙක් මැණක් පෙන්වා මාලයක් එරදි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site