පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
ලොතරැයි ජයග්‍රහණයෙන් පසු කරණවෑමියා බිරියගේ නැගණිය සමග හොර රහසේ පලාගිය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට මහනුවර නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටි ගලහ ප්‍රදේශයේ කරණවෑමියකු ලෙස සේවය කරන වයස අවුරුදු හතළිස් පහක පමණ වයසැති දෙදරු පියෙක් සෑම දිනකම විවිධ වර්ගයේ ලොතරැයි පත් මිල දී ගැනීමට හුරුවී සිටියේය.
පසුගිය දිනෙක ඔහු මිල දී ගත් ලොතරැයි පතකට රුපියල් ලක්ෂ දහයක දිනුමක් ලැබුණේ කිසිසේත්ම නොසිතූ අයුරිනි. ලොතරැයි ජයග්‍රහණයත් සමග ඔහුගේ නෑදෑ හිතවත්හු ඔහුගේ නිවෙසට පැමිණ ඔහුට සුබ පැතූහ.
එලෙස ඔහුට සුබ පැතීමට පැමිණි බිරියගේ නැගණිය හා අැගේ දරු දෙදෙනා දින කිහිපයක් නිවෙසෙහි නතර වූයේ කරණවෑමියාගේ බිරියගේ පෙරැත්තෙනි.
පසුගිය දිනක උදෑසන නැගණියගේ දරුවන් දෙදෙනා නැගිට මව සොයමින් හඬා වැටීම නිසා කරණවෑමියාගේ බිරිය නිවස පුරා නැගණිය සොයා බැලුවත් නැගණිය නොසිටියාය. එබැවින් තම සැමියා හට ඒ බව ප්‍රකාශ කිරීම සඳහා සැමියා සොයා බලද්දී ඔහු ද නිවෙසේ නොසිටියේය. සිදුව ඇති දේ තේරුම් ගැනීමට ඇයට ගතවූයේ නිමේෂයකි.
බිරියගේ නැගණිය කරණවෑමියා සමග හොර රහසේ පලා ගොස් ඇත්තේ තවත් දරු දෙදෙනකුගේ බර ද බිරියට පටවමිනි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාබර්ට දස ලක්ෂයක් ඇදුණාම බිරියගේ නගාට සිකුරා ලබලා