පෙම්වතුන්ගෙ දිනයේ දී සිය පෙම්වතියට තෑග්ගක් දීමට මුදලක් නොමැතිව කනස්සල්ලෙන් සිටිය දී මිතුරන් පිරිසක් එකතු කර දී ඇතැයි කියන මුදලකින් කුඩයක්, චොකලට්ටුවක් අරන් කෑගල්ල නගරයේ දී පෙම්වතියට දී ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
සිය පෙම්වතියට කුඩයකුයි, චොකලට් එකකුයි අරන් දී ඇතැයි කියන තරුණයාගේ වයස අවුරුදු 21 කි. ඔහුගේ පියා කුලී වැඩ කරන්නෙකි. මව ගෘහණියකි. බාල සහෝදරිය පාසල් යන්නීය. පියාට ද මේ දිනවල හරිහමන් කුලී වැඩක් ද නොමැත. එදා වේල හොයා ගන්නේ ද අමාරුවෙනි.
තරුණයා උසස් පෙළ විභාගයට දෙවරක් පෙනී සිටිය ද විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට නොහැකි වී තිබේ. පසුව නොමිලේ උගන්වනු ලබන කෑගල්ලේ විදුලි කාර්මික පාඨමාලාවක් හැදෑරීමට ඇතුළත් වී ඇති තරුණයා පියා විසින් අරන් දී ඇති මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් යන එන බව වාර්තා වෙයි.
මීට මාස තුනකට පමණ ඉහතදී පාඨමාලාව හැදෑරීමට පෙරවරුවේ යන අවස්ථාවේ දී මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණියක් කෙරෙහි සිත යොමු වී ඇති තරුණයා ඇය පසුපස දින කිහිපයක් හඹා ගොස් කතාබහ කර හිතවත් කමක් ඇති කරගෙන තිබේ.
පසුව දෙදෙනා දුරකතන වලින් තොරතුරු හුවමාරු කරගෙන තවදුරටත් හඳුනාගෙන පෙම්වතුන් ලෙස මේ වන විට ඇසුරු කරමින් සිටිති.
තමන්ගේ පළමු ප්‍රේම සම්බන්ධතාවත් පළමු පෙම්වතුන්ගේ දිනයත් යෙදීම හේතුවෙන් පෙම්වතියට යමක් අරන් දීමට මුදල් නොමැතිව දින ගණනාවක් තිස්සේ තරුණයා කල්පනා කරමින් නිවසේ සිට තිබේ. ඒ හේතුවෙන් දින ගණනාවක් තරුණයාට රාත්‍රියේ නින්ද ගියේද නැත.
අසල්වැසි තරුණයෙක් ‘‘ඈ බං උඹ වෙනදාට වඩා මොනව ද කල්පනා කරන්නේ” යි මොහුගෙන් විමසා තිබේ. මචං පෙම්වතුන්ගෙ දිනය එනවා. ගෑනු ළමයට කුඩයකුයි, චොකලට් එකකුයි වත් අරන් දෙන්න ඕනෑ. නැති නම් මට හොඳ නෑනේ. මොකවත් අරන් දෙන්න අතේ සතේ නෑ මචං. තාත්තාටත් හරි හමන් වැඩක් නෑ යනුවෙන් බැගෑපත්ව අසල්වැසි තරුණයාට පැවසීය.
අසල්වැසි තරුණයා ද හිතවත් කිහිප දෙනෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඔවුන් කිහිප දෙනෙකු එක්ව රුපියල් 2,500 ක මුදලක් එකතු කර කුඩයකුයි චොකලට් එකකුයි අරන් දීපන් යනුවෙන් දන්වා තරුණයාට ඉකුත්දා මුදල දී තිබේ.
පසුව තරුණයා රාත්‍රියේ පෙම්වතියට කතා කර පසුදාට යෙදෙන පෙම්වතුන්ගේ දිනයේ කෑගල්ල නගරයට පැමිණෙන ලෙස දන්වා නියමිත දින පෙරවරුවේ කෑගල්ල නගරයට ගොස් වෙළෙඳසලකින් කුඩයකුයි චොකලට් එකකුයි රෝස මල්පොකුරකුයි මිලට ගෙන පෙම්වතියට ලබාදී තිබේ. පසුව තරුණයාට ද පෙම්වතිය පොඩි ත්‍යාගයක් ගෙනැවිත් දී තිබේ. ත්‍යාගය රැගෙන ආපසු බස් රථයෙන් නිවස කරා පැමිණෙන අතරේ තරුණයා තමන්ට දුන් ත්‍යාගය දිග හැර බලා තිබේ. එහි තිබී ඇත්තේ චොකලට් එකක් සහ හසුන් පතකි.
හසුන් පත දිග හරිද්දී රුපියල් 5000සේ නෝට්ටු දෙකකි. මට ඔයාට ඇඳුම් ගන්න තේරෙන්නේ නෑ. මේ සල්ලි වලින් කලිසමකුයි කමිසයකුයි ගන්න යනුවෙන් සඳහන් කර තිබේ.
පසුව තරුණයා ගමට ගොස් රුපියල් 2,500 ක මුදල එකතු කර දුන් තරුණයාට සිද්ධිය දන්වා ආපසු රුපියල් 2500 ක මුදල දී තිබේ. අසල්වැසි තරුණයා රුපියල් 2500 ක මුදල ආපසු ගෙන නොමැත. මුදල් දුන් තරුණයන් පිරිස සමග තරුණයා චොකලට් එක බෙදා හදාගෙන කා ඇති බව වාර්තාවේ.
කෑගල්ල අධිකරණ
චමින්ද වැවතැන්න
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැලන්ටයින් දිනයේ පෙම්වතාගේ තෑග්ගට පෙම්වතියට දුක හිතිලා