IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


දෙන්නට දෙන්නා පුදුම කරන්න ගිහින් දෙන්නටම හිරවෙලා

විවාහයෙන් පසුව එළඹුණු සැමියාගේ පළමු උපන් දිනයදා  ඔහු පුදුමයට පත්කිරීමට ගිය බිරියටත්, ඇය පුදුම කිරීමට ගිය සැමියාටත් ඔවුන් දෙපළගේම ඥාතීන්ටත් පුදුම වීමට සිදුවූ බව කියවෙන පුවතකි.

සිද්ධිය මෙසේය.

ඔවුන් අලුත විවාපත් යුවළකි.

සැමියා අගනුවර ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අතර ඇය අගනුවරින් කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටි බදුල්ල ප්‍රදේශයේ ආයතනයක සේවය කළාය.

විවාහයෙන් පසුව එළඹුණු  සැමියාගේ පළමු උපන් දිනය බැවින් ඔහු පුදුමයට පත් කිරීමට සිතූ ඇය සැමියාට ද නොදන්වා තෑගි බෝග ද පොදි බැඳගෙන උපන්දිනයට පෙරදින රාත්‍රී අගනුවර බලා දිවෙන බසයකින් සැමියාගේ නවාතැන වෙත පැමිණියේ ඔහු පුදුමයට පත් කිරීමේ අටියෙනි.

මේ අතර ඔහු ද තෑගි බෝග පොදි බැඳගෙන එදිනම රාත්‍රියේ  ඇයට නොදන්වා බදුල්ල ප්‍රදේශයේ පිහිටි සිය බිරියගේ නිවස බලා පිටත් වූයේ තම උපන්දිනය දා තම බිරිය  පුදුමයට පත් කිරීමේ අටියෙනි.

කෙසේ වෙතත් උපන් දිනය දා උදෑසන වන විට සිය ගමනාන්ත වෙත පැමිණ සිටි බිරියගේත් සැමියාගේත් මුහුණු මැළවී ගියේ එක්නෙකා පුදුම කරවන්නට ගොස් බොහෝ කලෙකින්  එකිනෙකා දැක ගන්නට පෙරුම්පිරූ දෙදෙනාටම එම අවස්ථාව අහිමිවීම නිසාවෙනි.

අවසානයේ දී ඔවුන්ගේ මෙම ක්‍රියාවෙන් ඔවුන් දෙපළ පමණක් නොව ඔවුන්ගේ  මවුපියන් ඇතුළු ඥාතීන් ද පුදුමයට පත්ව සිටි අතර උපන් දිනයදා එකනෙකාට උදෑසන ආහාරය පමණක් නොව දිවා හා රාත්‍රි  ආහාරය ද වෙළෙඳසැල්වලින් මිලදීගෙන භුක්ති විඳින්නට සිදුවිය.

වියලුව වාර්තාකරු



අදහස් (0)

දෙන්නට දෙන්නා පුදුම කරන්න ගිහින් දෙන්නටම හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site