IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සැමියා නැති රෑ ‘අවතාරයක්’ ඇඳට නැගලා

ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ වත්තක වතු නිවාසයක පදිංචිවි සිටි ඇය 51හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා මේ දිනවල රාත්‍රි කාලයේ කෝවිලේ පූජාවකට  යන නිසා නිවසේ  සිටියේ  දස හැවිරිදි දරුවා සහ ඇය පමණි.

මේ අතර ඉකුත් සිකුරාදා රාත්‍රියේ ද ඇයගේ සැමියා පූජාවට කෝවිලට ගියේය. ඇය නිවසටවි විදුලි පහන් නිවා දමා ඇඳට වැටුනාය. ටික වේලාවකදී කළුවරේම ඇයගේ ඇඳට පුද්ගලයකු ගොඩවුණේය. ඇය සිතුවේ සැමියා පූජාව අවසන්ව පැමිණ ඇති බවය.

වෙනදාට වඩා සැමියාගේ හැසිරීමේ වෙනසක් ඇයට දැනුනත් සැමියා නිසා ඇය ඒ සියල්ලම ඉවසාගෙන සිටියාය. ටික වේලාවකදී ඇය ඇ‍‍ඳෙන් බැස විදුලි පහන් දැල්වූයේ ඇඳට නැංගේ අවතාරයක්දැයි දැන ගැනීමටය. ඇයට දෙවියන් සිහි වුණේ එවිටය. ඇය සැමියා යයි සිතා මෙතෙක් වේලා සිට ඇත්තේ යාබද වතු නිවාසයක පදිංචි පුද්ගලයකු සමගය.  ඒ සමගම එම පුද්ගලයා ද නිවසින් පිටව දිව ගියේය.

පසුදින උදෑසන ඇය මෙම සිද්ධිය අසල්වාසීන්ට කීවාය. ඒ අතර සැමියාද ආවේය. සියල්ලන්ගේම ඉල්ලීම පරිදි ඇය පොලිසියට ගියාය. පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. සැකකරු 50 හැවිරිදි යාබද වතු නිවසක පදිංචි තිදරු පියකු බවත් ඔහුගේ දරුවන් දෙදෙනකු විවාහවී ඇති බවත් බිරිඳ විදේශ ගතව සිටින බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

පොලිසිය නිවසට යනවිට ඔහු පලා ගොසිනි. මේ පිළිබඳව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

උණවටුන ඩී.ජී. සුගතපාල



අදහස් (0)

සැමියා නැති රෑ ‘අවතාරයක්’ ඇඳට නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site