වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂණයකට ගිය අයකු කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයකට ලක්ව ගෙදර ආ විට බිරියගෙනුත් ප්‍රහාරයක් එල්ල වීමේ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ.
මොහු දැඩි වාමාංශිකයෙකි. එහෙත් බිරියට වාමාංශික පක්ෂ නයාට අඳුකොළ මෙන් වහ කදුරුය. නිවෙසේ දී පුරුෂයා වමේ දේශපාලනය ගැන මහ ඉහළින් කතා කරන විට ඇය නිතරම ඊට හරස් කපමින් ඒ පක්ෂ වලින් කරන වැරදි පෙන්වා දුන්නාය.
රජයේ සේවකයකු වන මොහු ඉකුත් දිනකු වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරීමට එරෙහිව කොළඹ පැවැති උද්ඝෝෂණයකට සහභාගි වූයේ තමා නියෝජනය කරන පක්ෂයේ ඇරැයුම පරිදිය. මේ සඳහා සහභාගිවීමට ගෙදරින් පිටවූයේ සුපුරුදු ලෙස රැකියාවට යන බව බිරියට හඟවමිනි. දහවල් කාලයේ රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නැරඹීම බිරියගේ පුරුද්දකි. ඒ අතරවාරයේ සිය පුරුෂයා උද්ඝෝෂණයට සහභාගි වී ඉදිරියෙන්ම ගමන් කරන අයුරුත්, කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට ලක්වන අයුරුත් පැහැදිලිව දැකගන්නට ලැබිණි. තමාට බොරු බේගල් පවසා උද්ඝෝෂණයට යාම ගැන කෝපයෙන් සිටි ඇයගේ සිතට සැහැල්ලුවක් දැනුණේ පුරුෂයාට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලවීම නිසාය.
සුපුරුදු ලෙස රැකියාවට ගොස් නිවෙසට එන වෙලාව වන සවස හතට පමණ පැමිණියේ එදින කිසිවක් සිදු නොවුණු අයුරුණි. බිරිය ද වෙනසක් නොපෙන්වා කෝපයෙන් සිටින විට අලුත් සෙරෙප්පු දෙක දැක ඒ ගැන විමසන්නට වූවාය.
‘අද මොකද මේ අලුත් සෙරෙප්පු දෙකක්. කෝ දාගෙන ගිය සෙරෙප්පු දෙක.’
‘සෙරෙප්පු දෙක කැඩුණා. අනේ මගේ කට.. අර අලුත් සෙරෙප්පු දෙක කැඩුණු හැටි මම නොදන්නවා කියලා හිතුණ ද?.. තමුසෙටත් රුපියල් ලක්ෂ ගණන් පඩි හම්බ වෙනව ද?.. අනුන්ගේ උද්ඝෝෂණවලට යන්නේ..’
‘මම මොන උද්ඝෝෂණයකට ගියාද? නොදන්න දේවල් කතා නොකර ඉන්නවා.’යැයි බිරියට සැරෙන් කීය.
ඒ මොහොතේ රූපවාහිනියෙන් ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් තිබිණි.
‘හා...හා.. උද්ඝෝෂණයට තමා ගියේ නැහැ නේද..,? මේ ප්‍රවෘත්තිවලට පෙන්වන්නේ කවුද....? ඒ මම ද....?’පුරුෂයාට කට උත්තර නැති විය.
‘තමුසේ මෙච්චර කාලයක් මට කළේ බොරු. අද ඇත්ත මට කියන්න ඕනේ. තමුසෙගෙ හරි පඩිය මට කියන්න ඕනේ..’
‘මට එච්චර පඩියක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න පේ ෂීට් එක... බොරුනම් බලනවා’ යැයි පඩිපත පෙන්වන්නට විය.
‘අපි සෙරෙප්පු දෙකක් අරගෙන ඉල්ලුවම අරගෙන දෙන්න බැරි මිනිහා උද්ඝෝෂණවලට ගිහින් නැති කර ගන්නා සෙරෙප්පුවලට අලුතෙන් ගන්න පුළුවන්. අනුන්ට ණයට කහින්න යන තමුසෙට මේ ගෙදර අද ඉඩක් නැතැ’යි පවසමින් නිවෙසින් එළියට දමා දොර වසාගෙන බිරිය තනිවම හඬා වැළපුණාය.
බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උද්ඝෝෂණයට ගිහින් කඳුළු ගෑස් කෑ සැමියාට බිරිඳගෙනුත් ප්‍රහාරයක්