IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඩෙංගු මට්ටුවට ආ පීඑචිඅයි එක්ක ඔට්ටුවුණ නිවැසියාට පොලිසියේදි වෙට්ටුවක්

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

ඩෙංගු වැඩසටහනක දී සද්දයක් දැමූ අයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් පිටිගල පොලිසියෙන් වාර්තා වේ.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

ඇල්පිටිය කැටන්දොල ප්‍රදේශයෙන් මේ දිනවල ඩෙංගු රෝගීන් කිහිප දෙනකු වාර්තා වී තිබේ. මේ නිසා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දයානන්ද සඳමාලි මහත්මියගේ උපදෙස් මත අමුගොඩ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඒ. අරුණ ලක්මාල් මහතා ඉකුත් 7 වැනිදා එම ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

ස්වේච්චා සංවිධාන කිහිපයක සාමාජික තරුණ තරුණියන් ද සහභාගී කරගෙන එම ප්‍රදේශයේ ගෙයින් ගෙයට යමින් ජනතාව දැනුවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යද්දී එක් නිවසක  ඊට බාධා කළේ නිවසේ වූ සුනඛයන් කිහිප දෙනෙකුද මුදා හරිමිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු එම කණ්ඩායමට පැමිණීමට ඉඩ නොදී ඔහු දිගින් දිගටම එම පිරිසට බාධා කළේය.

මේ වැඩසටහනට  සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කළ ඉල්ලීම් නොසලකා හරිමින් දිගින් දිගටම බාධා කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තමන්ගේ රාජකාරියට බාධාකරමින් පුද්ගලයකු හැසිරෙන බවට පිටිගල පොලිසියට පැමිණිලි කළේ දුරකතනයෙනි. .

ඉන්පසු වහාම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු සැකකරු පොලිසියට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වා රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම යටතේ මොහුට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළහ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිසියෙන් කළ ඉල්ලීම අනුව මොහුට විරුද්ධව නඩුවක් පවරන්නේ නැතිව ඊට දඬුවමක් ලෙස කැටන්දොල ප්‍රදේශයේ ඩෙංගු වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කරන ලෙස පොලිසිය එම පුද්ගලයාට පවරා ඇත. ඊට කැමැත්ත පළකල පොලිස් පොතේ අත්සන්කර පිටව ගොස් තිබේ.

පිටිගල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි  පොලිස් සැරයන් (58469) එල්.පී.එස්. ආනන්ද මහතා විසින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය.

 



අදහස් (0)

ඩෙංගු මට්ටුවට ආ පීඑචිඅයි එක්ක ඔට්ටුවුණ නිවැසියාට පොලිසියේදි වෙට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site