බල්ලෙකුට සාත්තු කරලා සීඅයිඩියටත් යන්න වෙලා අයාලේ ගොස් තුවාල වී සිටි බල්ලෙකුට වෙදකම් කරන්න ගොස් සෙවනගල ප්‍රාදේශයේ තරුණ දුප්පත් කාන්තාවකට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න සිදු වූ අපූරු පුවතක් වාර්තා වේ. 25 October 2022
මිතුරා රට යවන්න ගිය රියේම නෝනා බිරිය කරගෙන ගෙදර ගෙනත් මිතුරා ගුවන් තොටුපොළට ඇරල වූ වාහනයෙන්ම ඔහුගේ භාර්යාව සිය නිවෙසට කැන්දාගෙන ආ අපූරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ. 24 October 2022
නිවෙසට දේවරූඪය දුන් කපුවා ආපසු යද්දී රන් ආභරණ එර්දි වෙලා ප්‍රසිද්ධ දේවාලයක කපුමහතෙකු ලෙස හඳුන්වා දෙමින් නිවසකට පැමිණ නිවසේ ජීවත්වන විශ්‍රාමික යුවළක් සහ දියණිය රවටා රන් ආභරණ සහ මුදල් රැගෙන ගොස් ඇති කපුවකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 22 October 2022
සොහොනේ යක්කු ගමේ යක්කු මට්ටු කරලා වසර ගණනාවක් ගමේ අයට හයිරන් පෙන්වමින් ගමම බිය කරගෙන සිටි චණ්ඩියාට තරුණයන් තිදෙනෙකුගේ ක්‍රියාවක් නිසා සතියක් පමණ කාලයක් උණ රෝගය වැලඳී කට්ටඩියකුගේ ඇප නූලක් බැඳීමෙන් පසු සුවය ලැබීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 22 October 2022
සපත්තු මහන්නාගේ ‘දොරේ’ කතාවට මහත්තයට ජුවල් සපත්තු මහන්නාගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයාට සපත්තු මහන්නා ‘දොරේ’ කියා ආමන්ත්‍රණය කිරීමෙන් කෝපයට පත්ව ‘වැදගත් මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්’ යැයි පවසා සපත්තු මහන්නාට පහර දීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් මහනුවර නගරයෙන් වාර්තා වේ. 22 October 2022
පොලිස් ලොක්කාගෙන් කොත්තු බාස්ට පරාටා පාඩමක් ආපන ශාලා හිමිකරුවකුටයි කොත්තු බාස් කෙනෙකුටයි පරාටයක් දෙපැත්ත පුළුස්සන අයුරු ඉගැන් වූ පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 22 October 2022
පුතාට බිරිඳක් ගෙනත් නැන්දම්මාගේ රැකියාවට කණකොකා හඬලා ජීවත්වීමේ අරගලයට මුහුණදීම සඳහා නැන්දම්මා දියත් කිරීමට ගිය ස්වයං රැකියාව අලුත ගෙනා ලේලිය නිසා ලත් තැනම ලොප් වූ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. 22 October 2022
අනියම් සැමියත් එක්ක ජොලියක් දාන්න සැමියාට ගුලියක් බස්සලා කළු මාමා කළු වුණාට විවාහවි සිටියේ සුදු නැන්දා සමගය. ඈ රූමත්ය. විනෝදයට කැමැතිය. 22 October 2022
සභාවට ආ නිලධාරියා වැහි කබායේ පිහිටෙන් ජාමේ බේරාගෙන හදිසි කලබලය හේතුවෙන් මහත් අසීරුතාවට පත් වූ ක්ෂේත්‍ර නිලධාරියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 21 October 2022
දොඩම් හොරා පොලිසියේදී කසිප්පුකාරයෙක් වෙලා පොලිස් නිලධාරියකුගේ සහෝදරයකු සමඟ දොඩම් සොරකමේ ගිය අයකු අල්ලා පොලීසියට බාර දුන් පසු හොරට කැඩු දොඩම් තොගය කසිප්පු බෝතල් භාගයක් වීමේ අරුම පුදුම සිද්ධියක් වයඹ පළාතේ කෙළවරක පිහිටි පොලිස් ස්ථානයකින් දැන ගැනීමට ලැබෙයි. 20 October 2022
දරුවන්ට පාඩමක් උගන්වන්න තාත්තා මළැයි කෝල් එකක් දීලා රෝහලට ඇතුළත් කර එක් දිනක්වත් සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත්වී ප්‍රතිකාර ලබා ඥාති නිවෙසකට ගොස් රෝහලේ දී මිය ගිය බවට දුරකතන පණිවුඩයක් මිනිපිරියක මගින් ලබා දී ඇතැයි කියන සිව් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ රෝහලකින් වාර්තා වෙයි. 19 October 2022
පන්සලේ සබන් උපාසක මහතාගේ මල්ලට ගිහින් එක්වරම විශාල ගණනකින් ඉහළ ගිය සබන් බිල නිසා, කප් රුකෙන් සබන් කැට කිහිපයක් පිල්ලි ගසා ලොකු හාමුදුරුවන් ඉදිරියේ අලි අමාරුවක වැටුණු උපාසක මහතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 18 October 2022
සව් කොළයකට ලව් කරලා මගුල එතැනින්ම නැවතිලා සරුංගලයකට ආදරය කරන්නට යාම නිසා ස්ථිරව තිබූ යෝජිත මංගල්ලය, මංගල ඇඳුම් සඳහා මිමි දීමට ගිය දිනයේ කැඩී බිඳී මනාලිය අහිමි වූ මනාලයකු පිළිබඳ පුවතක් දොම්පෙ ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 17 October 2022
ගුරුතුමා සිසු පියාට දුන් ඇමැතුමට සිසු කිලිසම අස්සෙන් සද්දයක් පියාගේ ජංගම දුරකතනයේ අංකය යයි සිසුවා දී තිබූ අංකයට ගුරුවරයා ගත් ඇමතුමෙන් සිසුවාගේ කලිසම යටින් දුරකතනයක් නාදවූ පුවතක් දකුණු පළාතේ නගරයේ පාසලකින් අසන්නට ලැබේ. 15 October 2022
ටී.වී හොරාගෙන්ම කෝල් එකක් ඇවිත් පෞද්ගලික ආයතනයක සේවකයන්ට ලබා දුන් නේවාසිකාගාරයක රූපවාහිනිය හොර රහසේ ගලවාගෙන ගිය සොරා දවස් කීපයකට පසු ආයතන කළමනාකරු ඇමැතීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර ප්‍රධාන නගරයකින් අසන්නට ලැබිණි. 14 October 2022
මාස්ක් නැති නෝනාට බැංකු ආරක්ෂක අපූරු උපදෙසක් දීලා පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියකු විලාසිතාකාරියකට දුන් අපූරු උපදේශයක් පිළිබඳව පුවතක් අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි. 13 October 2022
ළමයි නටද්දී සර් පන්තියේ දොයි පන්ති කාමරයේ නිදි කිරා වැටෙමින් සිටි ගුරුවරයාට අමතක නොවන දඬුවමක් ලබාදුන් විදුහල්පතිවරයකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 12 October 2022
වතුර බිල බේරාගන්න වැසිකිළියට ඉබි යතුරුදාලා මවගේ වයස අවුරුදු හැත්තෑ පහකි. ඇය දිනකට තුන් හතර වතාවක් මුත්‍ර කිරීමට වැසිකිළියට යෑම සිරිතය. 11 October 2022
ඇඟ අඩු කරගන්න ලෑස්ති වුණාම මොළේ කචල් වැඩක් වෙලා ඔහු රජයේ කාර්ය්යාලයක ප්‍රධාන ලිපිකරු තනතුරක සේවය කළ අයෙකි. තමන් පදිංචි ගමෙන් තරමක දුර බැහැර පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයක සේවය කිරීමට සිදු වීම නිසා, ඔහු කාර්ය්යාලයට ආසන්න ගමක, තම ආච්චිගේ නිවෙසෙහි නේවාසිකව රාජකාරියට පැමිණීමට පියවර ගත්තේය. 10 October 2022
කොඩිවින කපන්න ආ කට්ටඩියා ගෙහිමි කත එක්ක අනඟ රැඟුමේ කොඩිවිනයක් ගොඩ ගැනීම සඳහා තාවකාලිකව නිවසක නේවාසික වූ කට්ටඩියකු නිවැසියන්ගෙන් සිවුපසින් උපස්ථාන ලබන අතරතුර නිවැසි කාන්තාව සමග අනඟ රැඟුම් පාන්නට ගොස් ගෙහිමියා ගෙන් මෙන්ම අසල්වාසීන්ගෙන් ද බඩ කට පුරා ගුටිකා රැගෙන ආ මන්ත්‍ර පොත් ටිකද අතහැර දමා මහ රෑම අතුරුදන් වූ බව කියවෙන පුවතකි. 08 October 2022
කාගෙත් සුරතලියට සැමියන් මදිවෙලා බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ කාගෙත් සුරතලිය ලෙසටය. එක් සැමියකුගෙන් පමණක් නොව සැමියන් දෙතුන් දෙනකුගෙන් පවා සෑහීමට පත් නොවන ඇය තෝරා ගන්නේද යහමින් මුදල් තිබෙන වයස් බේදයකින් තොර පුද්ගලයන් වීමද විශේෂත්වයකි. 08 October 2022
ආච්චි අම්මා භූමිතෙල් ගේන්න කුප්පි ලාම්පු අරන් ගිහින් පසුගිය දිනවල මොනම හේතුවක් නිසාවත් බූලිවලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර තිබූ අතර නිතර නිතර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් සිදුකෙරිණි. ඒ අනුව ගොවිතැනට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනයාමට නොහැකි බව පවසමින් ජනතාව වීදි බැසීම සිදු වූ අතර ඇතැමුන් යතුරුපැදියේ සහ වාහනයේ ටැංකිය පවා ගලවා ගෙන ගියේය. 08 October 2022
හයේ පහරේ උද්දාමයෙන් අතේ මුද්ද කුණු කානුවේ වාර්ෂික ක්‍රිකට් තරගයේදී ක්‍රීඩකයකු එල්ල කළ හයේ පහරට අත් පොලසන් දුන් කාන්තාවකට ජීවිතයේ කවදාවත්ම අත්විඳින්නට සිදු නොවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 08 October 2022
පදම වැඩිවී මැටි අනන්නා උපන් ඇඳුමෙන් මැටි ආශ්රිත නිෂ්පාදකයෙක් පැය කිහිපයක් පුරා දෙනෝ දාහක් බලා සිටිය දී උපන් ඇඳුමෙන් මැටි පදම් කිරීමේ පුවතක් වයඹ ප්‍රසිද්ධ මැටි ආශ්‍රීත කර්මාන්ත ගම්මානයකින් වාර්තා විය. 08 October 2022
සැමියාගේ උපන්දින සුබ පැතුමට බිරියට යක්ෂයා ආරූඪවෙලා සිය උපන් දිනයට තමන්ට සුබ නොපතා කාර්යාලයේ යුවතියකගේ උපන් දිනයට සැමියා කෙටි පණිවිඩයක් මඟින් සුබ පැතීම පිළිබඳව උරණ වූ තරුණ දෙදරු මවක සැමියා ගෙවත්තේ වගා කර තිබූ කෙසෙල් ගස් කීපයක් කපා දමා විරෝධය පළ කිරීමේ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 07 October 2022
අවුරුදු 30ක් දීග කෑ බිරියගේ නම අමතක වෙලා කන්ද උඩරට ප්‍රධාන පෙළේ රෝහලක පැවැති තම මවගේ මරණ පරීක්ෂණයේ දී හදිසි මරණ පරීක්ෂකවරයා බිරියගේ නම අසද්දී නිරුත්තර වූ සැමියකු බිරිඳගේ නම අසා ගැනීම සඳහා බිරිය සොයා රෝහල් භූමිය පුරා දිව යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 06 October 2022
බිරියගේ අමුතු ගැටයෙන් කපුවා කපෝති දේවාරූඪයෙන් පේන කියන සැමියාගේ හොර ඇල්ලීමට වෙස් මාරු කරගෙන පැමිණි බිරිඳට ආලවන්තකම් පා ඔහුගේ දුරකතන අංකය ලබා දුන් කපුවෙකු හට බිරිඳගෙන් කම්මුල් පාරක් ලැබුණු පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ. 05 October 2022
කුණු බක්කියට පයින් ගහලා ආයෙත් ඉස්පිරිතාලෙ ගිහින් වයස්ගත වීමත් සමග නිතර රෝගී වන මවකගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා දියණියක විසින් ඇය රෝහල් ගත කරනු ලැබුවේ නේවාසික ප්‍රතිකාර ලබා දීමටය. 04 October 2022
නාඩගමට ගෙනා තුවක්කුව පොලිසියත් නටවලා එක ළඟ ඝාතන රැල්ලක් ගිය අම්බලන්ගොඩ මාර්ගයක යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු ගෙනගිය තුවක්කුවක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් අම්බලන්ගොඩින් වාර්තාවේ. 03 October 2022
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026