IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැමියා නැති කතගේ ගෙට රිංගූ මාළුකාරයා පැය ගානක් පිට්ටු කාලා

මාළු ‍වෙළෙඳාමේ යන ගමන් නිවසකින් පිට්ටු කෑමට ගිය සංචාරක මාළු ‍වෙළෙන්දෙකුට බර පාඩුවක් සිදුවූ පුවතක් අක්කරෙයිපත්තුව මාර්ගයට සම්බන්ධ ඇළ ඉවුරක් සහිත ප්‍රදේශයකින් වාර්තා වේ.  

සිද්ධිය සියැසින් දුටුවෙකු පැවසූ පරිදි එය ‍මෙසේ සිදුවී ඇත.

දිනපතා අක්කරෙයිපත්තුව ධීවර ‍තොටුපලකින් මුහුදුමාළු මිලදී ගන්නා ඔහු එම මාළු තම යතුරු පැදියේ තබාගෙන අම්පාර ප්‍ර‍දේශයේ සංචාරය කරමින් අලෙවි කරන අයෙකි.

ඉකුත්දා උදෑසන සිරිත් පරිදි අක්කරෙයිපත්තුව සිට ඔහු මාළු රැගෙන එන අතර තුර ඇළ ඉවුරේ සිටි හිතවත් කාන්තාවක් මුණ ගැසී‍මෙන් පසුව නැවතී ඇය සමඟ කතාබස් කර ඇත. සැමියකු නැති ඇය තරමක් රූමත් කාන්තාවකි.

එහිදී තමා පිට්ටු තම්බා ඇති බැවින් පිට්ටු කෑල්ලක් කෑමට නිවසට එන ලෙස ඇය ඔහුට ඇරියුම් කර ඇත. ‘ෂරි ෂරි නල්ලම්‘ යැයි පැවසු ඔහු ඇයගේ ආරාධනය සතුටින් පිළි‍ගත්තේය.

එම ස්ථානයේ ඇළ ඉවුර තරමක් පටු වූ බැවින් ට්‍රැක්ටර් වැනි වාහන ධාවනය වන නිසා මාළු ‍පෙට්ටිය බැඳි යතුරු පැදිය තරමක් නුදුරින් තිබුණ ලඳු කැලෑවක්  අසල  නතරකොට ඔහු නිවසට රිංගා ඇති බව කියති.

ඉන් පසුව කාන්තාව විසින් පිසින ලද පිට්ටු කෑමට දිගු කාලයක් ගත වු‍ණේ නොදැනුවත්වමය. පිට්ටුකා සප්පායම් වූ මාළු වෙළෙන්දා කාන්තාවගෙන් සමු‍ගෙන යතුරු පැදිය නවතා තිබුණ ස්ථානය ‍වෙත එමින් සිටිය දී කපුටන් සිය ගණනක් කෑ ගසමින් එතැන ගැවසෙනු දැක ඔහු ‘ෂෝ....ෂෝ... ‘ගාමින් උන් එළවද්දී මාළු පෙට්ටිය බැඳ තිබුණ  යතුරු පැදිය ද පෙරළුණි. එතැන සිටියේ කිඹුලෙකුට සමාන දැවැන්ත කබර ගො‍යෙකි. කිසියම් හෙයකින් කබරයා මාළු පෙට්ටියට  ‍ගොඩ වෙද්දී යතුරු පැදිය පෙරළී ඇත. ඒ වනවිට කපුටු රංචුව මාළු ‍පෙට්ටි‍යේ තිබුණ සාලයින් හුරුල්ලන් සහ බෝල්ලන් වැනි කුඩා මාළු කා දැමීමෙන් රුපියල් දහස් ගණනක අලාභයක් සිදු කර තිබිණි.

එ‍හෙත් මාළුන් රස වැටුණ කබරගොයා පන්නා දැමීමට මාළු වෙළෙන්දාට දැඩි ‍වෙහෙසක් දැරීමට සිදුවූ බව සිද්ධිය දුටුවෙක් වැඩි දුරටත් පැවසීය.

කාන්තාවගේ නිවසට ගොස් එතැනට පැමිණීමට ප්‍රමාදවූ හේතුව විමසූවිට මාළු වෙළෙන්දා පවසා ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමට ගොස් ප්‍රමා ද වූ බවත් මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙසත්ය.

හිඟුරානේ නවරත්න සමරතුංග



අදහස් (0)

සැමියා නැති කතගේ ගෙට රිංගූ මාළුකාරයා පැය ගානක් පිට්ටු කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site