බාලවයස්කාර දැරියක සමග පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කර පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ හතලිස් නව හැවිරිදි සිව් දරු පියෙකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කඩවසම් සිරුරකට හිමිකම් කියන මොහු කාන්තාවන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන පුද්ගලයකු බවට මිතුරන් අතර දැඩි ප්‍රසිද්ධියක් ලබා ඇත. කුමන හෝ මාර්ගයකින් මුදල් ඉපයීමට උපන් හපන්කමක් ඇති අයකු වන අතර ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් පිළිබඳව ද හසල බුද්ධියක් ඇති අතර ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම ඉන් ජය ලැබීමේ වාසනාවක්ද ඔහුට උරුමව ඇති බවද පැවසේ.
ස්ථිර රැකියාවක නොයෙදුනත් සෑම අවස්ථාවකම ඔහු අතේ මුදල් තිබුණි. තරබාරු සිරුරකට හිමිකම් කියන දැකුම්කළු කාන්තාවක සමග විවාහ වී සිටි අතර ඇය නිතරම කාගේ හෝ අඩුපාඩුවක් පෙන්වා එය විවේචනය කිරීමට ද පුරුදුව සිටියාය.
මෙම පුද්ගලයා සිය හිතවතකුට ගත් දුරකතන ඇමතුමක අංකයක් වැරදීමෙන් වෙනත් අයෙකු වෙත ඇමතුම ගිය අතර එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ තරුණියකි. තරුණිය සමග කතාබහ කිරීමට ආසාවක් ඇතිවුණු ඔහු නිතර ඒ සඳහා උත්සාහ ගත්තේය. දියණියගේ දුරකතනයට එන ඇමතුම් කිහිපයක් පිළිබද ප්‍රශ්නයකට මුහුණ පා සිටි මවුපියෝ ඒ සඳහා නීතියේ පිළිසරණ පැතූහ.
පොලිසිය දියණිය සහ මවුපියන් කැඳවා සිද්ධිය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේදී වැඩිහිටි අනංගයා දැරියගේ දුරකථනයට ඇමතුමක් ලබාදුන්නේය. වහා ක්‍රියාත්මක වූ නිලධාරිනියක් දැරිය ලෙස රඟපාමින් ඇමතුමට ප්‍රතිචාර දැක්වූවාය. නිලධාරිනියගේ ප්‍රතිචාරය හමුවේ ආදරයෙන් වල්මත් වූ අනංගයා ඇයට යම් ස්ථානයකට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව පැවසේ.
සිවිල් පුද්ගලයන් ලෙස වෙස්වලාගත් නිලධාරින් කිහිපදෙනෙකු සමග දැරිය ද බස් රියකට නංවාගත් පිරිස අදාළ ස්ථානයට ගොස් තිබේ. තරුණිය එනතෙක් වාහනයක් ද තබාගෙන සිටි පුද්ගලයා දැරිය දැක ඉමහත් සතුටට පත්ව ඇය සිය වාහනයට නංවා ගැනීමට සූදානම් වන අවස්ථාවේ නිලධාරින් ඔහු අල්ලාගත් බව වාර්තා වේ.
දැරියක රැවටීමට උත්සාහ කළ මිතුරා පොලිස් කූඩුවේ බව දැනගත් මිතුරෝ ඒ බව ඔහුගේ බිරිඳට ද පැවසූහ. සිද්ධිය ආරංචි වූ බිරිඳ යක්ෂාරූඪව මිතුරන්ටද බැණ වැදුනාය. දැරියට හානියක් සිදු නොවීම නිසා ඇයගේ මවුපියන්ගේ ඉල්ලීම මත අනංගයාට සමාව හිමිවූ අතර දැඩි අවවාද කිරීමකින් පසුව ඔහු මුදාහළ අතර සිද්ධිය ලැව්ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිරයාමෙන් සැමියාගේ කැරැට්ටුව ගම පුරා පැතිරුණේය. බිරිඳ නිවසින් පිටතට නොයන අතර සැමියා ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් ද වැළකී ඇතැයි පැවසේ.
හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අනංගයා පුංචි කෙල්ලට ඇමක් දාන්න ගිහින් පොලිස් කූඩුවේ