පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීම වෙනුවෙන් බිල්පතක් නිකුත් කිරීමේදී සැමියාගේ නිල මුද්‍රාව යොදා බිල් පතක් නිකුත් කළ ක්ෂේත්‍ර නිලධාරියකුගේ බිරිඳක් පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
ජනතාවට උපතේ සිට මරණය දක්වා සේවය ලබාදෙන ක්ෂේත්‍ර නිලධාරියකු වන ඔහු රැකියාවට අමතරව වෙළෙඳ ව්‍යාපාරයක්ද පවත්වා ගෙන යයි. බිරිඳ විසින් එම කාර්ය සිදුකරන අතර රාජකාරියෙන් නිදහස් අවස්ථාවලදී ඔහුද වෙළෙඳ සලේ කටයුතුවලට සහාය වන්නේය. නිවසේ කොටසක වෙළෙඳ සල පවත්වා ගෙන යන අතර එය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ස්ථානයකි. එම ස්ථානය අවට රජයේ කාර්යාල කිහිපයක්ද ඇති නිසා වෙළෙඳාම ද සරුය. විවිධ රාජකාරිමය අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාව නොයෙක් අවස්ථාවල එම නිලධාරීයාගේ නිවසට පැමිණෙන අවස්ථා බහුලය.
වෙළෙඳ සල අසල ආසන්නයේ පිහිටි රජයේ ආයතනයකට දිනක් වෙළෙඳ සලෙන් ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගත් අතර ඒ සඳහා බිල්පතක්ද බිරිඳ විසින් නිකුත් කරන ලදී. මිලදීගත් ද්‍රව්‍ය ටික ආයතනයේ කාර්යාලයට ලබාදුන් එම ආයතන සේවකයා බිල්පත ද ප්‍රධානියා අතට පත් කළේය. මිලදී ගැනීම ගිණුම් පොතේ සටහන් කිරීමට සූදානම්ව බිල්පත පරීක්ෂා කිරීමේදී එහි රජයේ නිලධාරියෙකුගේ නිල මුද්‍රාවක් තබා ඇති බව දක්නට ලැබුණි. පසුදින නැවත වෙළෙඳ සල වෙත සේවකයකු යවා කාරණාව පැහැදිලි කර වෙනත් බිල්පතක් රැගෙන ඒම සිදුකළ අතර සිද්ධිය දැනගත් ක්ෂේත්‍ර නිලධාරියාට දෙලොවම රත්විය.
මිතුරන් සමග එක්ව අලුත් අවුරුද්ද සැමරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරියාද සහභාගී වූ අතර එහිදී සිය බිරිඳ සිදුකර ඇති ක්‍රියාව මිතුරන්ටද ඔහු පැවසීය. දීන කිහිපයක් ගත වන විට සිද්ධිය කාර්යාලය පුරා පැතිර ගොස් ඇති අතර ඉන් පසු ක්ෂේත්‍ර නිලධාරියාට නිවසේ තිබූ කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදු වූ බව වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙදර කඩේ බඩු විකුණා සීල් එකට පට්ටමේ සීල් එක ගහලා