කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වෙළෙඳාමක් නැතත් බස් නැවතුමේ සැමදාම හඳුන්කූරු විකුණන්න පැමිණෙන කාන්තාවගේ හඳුන්කූරු වෙළෙඳාම පිළිබඳ පැටිකිරිය කුලී කාමරයකින් මතු වූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
බස් නැවතුමේ නිකරුණේ ගැවසෙන කාන්තා, පිරිමි දෙපාර්ෂවයටම පොලිසියෙන් වැටබැඳ තිබුණි. මේ නිසාම මේ බස් පොළට එන පිරිමින් කෙසේ වෙතත් කාන්තාවෝ දැඩි පරිස්සම් වූහ. බස් නැවතුමේ කාන්තාවක නිතර නිතර ගැවසෙනවා නම් ඊට සාධාරණ හේතුවක් තිබීම අනිවාර්යය විය.
මේ කරුණු කාරණා මෙසේ තිබීයදී මේ බස් නැවතුමේ කාන්තාවක් හඳුන්කූරු අලෙවි කිරීමට යයි කියමින් පැමිණ සිටියාය. ඇය අත හඳුන්කූරු පෙට්ටි තිබීමෙන් එය වඩාත් තහවුරු විය. ඇය කාට හෝ හඳුන්කූරු අලෙවි කිරීමට උනන්දුවක් නොගත් අතර හඳුන්කූරු වෙළෙඳාමක් ද නොතිබිණ. ඒ බස් නැවතුමට එන මගීන්ට සෑම දිනකම හඳුන්කූරු අවශ්‍යම භාණ්ඩයක් නොවීම එයට හේතුවක්ද වී තිබිණ.
මේ ආකාරයට කාලයක් ඇය මේ වෙළෙඳාමක් නොකළ හඳුන් කූරු වෙළෙඳාමේ යෙදී සිටියාය. අම්බලන්ගොඩ කුලී කාමරයකට ගිය ජෝඩුවකින් පිරිමියා අබිරහස් ලෙස මිය යන්නේ ඔහුත් සමග එහි ගිය කාන්තාව සිටියදීය.
මේ අබිරහස් මරණය සඳහා පරීක්ෂණ කිරීමට ගිය නිලධාරීන්ට ඔහු සමග කාමරයට ගිය කාන්තාව හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. ඒ හඳුන්කූරු වෙළෙඳාමක් නැතත් හඳුන්කූරු වෙළෙඳාම් කරන මුවාවෙන් මෙතුවක් කලක් බස් නැවතුමේ සිටි කාන්තාව බව හෙළිවිය.
ඇය සමග ගිය අය අබිරහස් ලෙස මිය නොගියා නම් ඇය තවමත් බස් නැවතුමේ අබිරහස් හඳුන්කූරු වෙළෙඳාමේ නියැලී සිටිනවා නිසැක යයි මේ පිළිබඳ තතු දත්තෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ තියෙන නීතියක්ද? බස් නැවතුම්පළක රැඳී සිටීමට පොලිසියට වග උත්තර බඳින්න...