කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
සිය මිතුරන්ට නවතාගන්නට බැරිව සිටි පින් අඩිකාරයා පුංචි පැත්තෑයකු විසින් නතර කරනු ලැබීමේ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු අංක එකේ පින් අඩිකාරයෙකි. මිතුරන් ඉතා අමාරුවෙන් එකතුවී අඩියක් පුඩියක් ගසනාවිට දී ඔහු එයට සම්බන්ධ වන්නේ එකදු රුපියලක්වත් වැය නොකර පිනටය. එහිදී ඔහු අඩිය අමු අමුවේම දමා ගන්නේ වීදුරුව පිරෙන සේය. මිතුරන් ආරාධනා කළත් නොකළත් බෝතලයෙන් භාගයකටම ඔහු වගකියන්නේ මිතුරන්ගේ තොළකට වේලමිනි. මිතුරන් එකතුවන විට සෑම විටදීම එයට දායක වන ලෙස ඔහුගෙන් ඉල්ලීම් කළත් කලිසම් සාක්කුවෙන් හිස් මුදල් පසුම්බිය ගෙන පෙන්වන්නේ එම්ටි පොකැට් යයි කියමිනි. අඩියට තියා අඩුම තරමේ කට ගැස්මටවත් මුදලක් හදලක් වත් වියදම් කරනුයේ ඔහු නම් නොවේ. ඔහුගේ මේ ක්‍රියාව මිතුරන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අවස්ථාව ද නැත්තේ ද නොවේ. මිතුරන් ඔහු මගහැර සෙට්වුණු වාර ද නැත්තේ ද නොවේ. කෙසේ කොහොම කළත් ඔහු එයට සම්බන්ධ වන්නේ ඉවෙන් මෙනි. රහස් පරීක්ෂකයකු ලෙස හොර රහසේමය. සීරුමාරුවටය.
එදාත් මිතුරන් ඇති තැනට ඔහු එක්වූයේ අනේ මචෝ අදත් එම්ටි පොකැට් යයි කියමිනි. බිම වාඩිවී සිටි ඔවුන්ගෙන් අපේ කතානායකයා දනිපනිගා නැගිට්ටේය. ‘‘බුදු අම්මෝ කලිසම් සාක්කුවට පැත්තෑයකු ගිහිල්ලද කොහේ, කනවෝ...’’ කියමින් කලිසම් සාක්කුව එළියට දමමින් කෑගැසුවේය.
ඒ සමගම එළියට දැමූ කලිසම් සාක්කුවෙන් මොනරු කොළ පැන්නේය. එකක් දෙකක් නොව කිහිපයක්මය. මෙය දුටු මිතුරන්ට මළ පැන්නේය. ‘‘යකඩෝ හැමදාම මූ අපෙන් පින් අඩි ගහන්නේ සල්ලි තියාගෙන නේ...’’ කියමින් පත්තෑ විෂෙන් උඩ පැන පැන සිටි ඔහුට මිතුරෝ දෙස් දෙවොල් තැබූහ. අත පය කෙළින් කරගෙන ඔහුට සලකන්නට ගිය අය කිහිප දෙනෙක්ද මේ අතර වූහ. දැන්නම් මෙහි රැඳී සිටීම සිතට ගතට කොහෙත්ම හොඳ නැතැයි සිතූ ඔහු එතනින් මාරුවී ගියේය. එසේ මාරුවී ගිය ඔහු මිතුරන්ගෙන් පින් අඩි ගහන්න තවමත් පැමිණියේ නැති බව ද කියති.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
පින් අඩිකාරයා පත්තෑයකුගෙන් මට්ටුවෙලා