IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අම්මයි දුවයි අතර පරණ කොට්ටයේ විරසකය ඔඩුදුවලා

පුළුන් කොට්ටයක් නිසා වසර  හතරකට වැඩි කාලයක් අමනාපව අඬදබර කරගත් මවක් සහ එකම දියණියක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

සැමියා හදිසියේ මිය ගියත් කුඩා දියණිය ඇස් දෙක වගේ ආරක්ෂා කරගෙන ඇතිදැඩි කළ මව ඇයට හොඳ අධ්‍යාපනයක් ද ලබා දුන්නාය. මවගේ ආදරය දැඩි රැකවරණය මැද හැදී වැඩුණු දියණිය සරසවි වරම් ද හිමිකර ගත්තාය.

මව කෙරෙහි ඇති අසීමිත ආදර නිසාම ඇය සරසවියේදී ලැබුණු ප්‍රේමාරාධනාවන් ද පහන් සිතින් යුතුව ප්‍රතික්ෂේප කළාය. උසස් අධ්‍යාපනය නිමා කළ දියණිය රජයේ උසස් රැකියාවකට උරුමකම් කී අතර ජීවිතය ජයගන්නට තම මවට සහ තමන්ට උපකාර කළ මාමාගේ පුතා කළ විවාහ යෝජනාවට තරුණිය එකහෙලාම කැමැත්ත පලකළාය. දියණියගේ තීරණයට මවගෙන් හිමි වූයේද දැඩි කැමැත්තකි.

වැදගත් හා චාම් විවාහ උත්සවයක් පැවැති අතර ඔවුහු සතුටින් කාලය ගත කළහ. කාලය ගතවන විට නව යුවළට දියණියක ලැබුණු අතර කාන්තාව ආච්චි අම්මා කෙනෙකු වී ම සම්බන්ධයෙන් ඇය ද ඉමහත් සතුටට පත්වූවාය.

කුඩා බිලිඳිය කෙමෙන් කෙමෙන් ඇති දැඩි වෙද්දී අම්මාත් දියණියත් අතර විරසකයක් ගොඩනැඟුණේ කිසිවෙකුටත් සිතාගත නොහැකි අන්දමටය. කුඩා දියණිය පෙරපාසල් යන වයස එළඹෙන විට මවගේ විරසකය අඩදබරයක් බවට පෙරළුණේය. බිරිඳගේ සහ නැන්දණියගේ මෙම විරසකයට හේතුව සොයමින් සිටි බෑණා අවසානයේ නීතියේ පිහිට පැතුවේය.

කාන්තාවන් සහ වැඩිහිටියන් පිළිබඳව විමර්ශන කරන නිලධාරිහු මව සහ දියණිය කැඳවා විවිධ අන්දමේ ප්‍රයෝග භාවිත කරමින් ගැටලුව විසඳීමට ගත් සියලු උත්සාහයන් නිෂ්පල විය. මවගේ සහ දියණියගේ ගැටලුව  ආයතනයේ ප්‍රධානිය වෙත යොමුවූ අතර ඇයද කාන්තාවක වූ නිසා ප්‍රශ්නය පිළිබඳව දැඩි අවධානය යොමු කළාය. දැඩි ලෙන්ගතුකමකින් යුතුව මව සමග දොඩමළු වූ නිලධාරිනිය ගැටලුව පිළිබඳව කතා නොකර පැරණි තොරතුරු පිළිබඳව කතාබහ සිදු කළාය.

නිලධාරිනියගේ සංවේදී බව හමුවේ මව සඳහන් කළ කාරණයට ඇයගේ නෙත්ද කඳුළින් තෙත්විණි. සැමියා මිය ගිය කාලයේ සිට දියණිය නිදිකරවීම සඳහා කාන්තාව භාවිත කළ පුළුන් කොට්ටය වසර තිහකට ආසන්න කාලයක් මව විසින් සිය ඇඳේ තබාගෙන තිබි ඇති අතර එය පරණ කොට්ටයක් බැවින් දියණිය විසින් ඉවත්කර අලුත් කොට්ටයක් මවට ලබාදීම නිසා දියණිය සමග කේන්තියෙන් සිටින බව කාන්තාව පැවසුවාය.

කාන්තාව නිවසට යවා දියණිය කැඳවා කාරණය පැහැදිලි කළ අතර දියණිය ද දැඩි සංවේදි වූවාය. මවට නොදැනෙන පරිදි එම කොට්ටය මවගේ ඇදේ තබන ලෙස දියණියට උපදෙස් දුන් අතර පසුදින සිට පෙර පරිදිම මව සහ දියණිය දැඩි සෙනෙහසකින් කාලය ගතකරන බව වාර්තාවන අතර තම සේවා කාලයේ අත්දුටු වටිනාම අද්දැකීම බව ගැටලු විසඳීමට කටයුතු කළ විධායක ශ්‍රේණියේ නිලධාරිනිය සඳහන් කළාය.

හක්මන විශේෂ
දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

අම්මයි දුවයි අතර පරණ කොට්ටයේ විරසකය ඔඩුදුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site