වියලුව වාර්තාකරු
රෑ මැදියමේ නිවෙසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් පෙරේදා (1වැනිදා) කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඇය ප්‍රදේශයේ ගම්බද කාන්තාවකි. සිය සැමියා කිසියම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යෑම නිසා ඇය එදින නිවෙසේ සිටියේ තනිවමය.
මැදියම් රැය ආසන්න වෙද්දී නිවෙස දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය ඒ පිළිබඳව විපරම් කරද්දී ඇයට දැකගන්නට ලැබුණේ නිවෙසේම තිබූ ඇඳ ඇතිරිල්ලක් පොරවාගත් කිසිවකු නිවස තුළ සැඟවී සිටින බවකි. ඇය මඳක් විමසිලිමත් වූවාය.
තවත් මොහොතක් ගෙවී යද්දී ඇඳ ඇතිරිල්ල යට සැඟව සිටි පුද්ගලයා ඇය ළඟට පැමිණියේ අයුතු යෝජනාවක් කරමිනි.
කිසිදු කලබලයක් නොපෙන්වූ ඇය එක්වරම අමුත්තාගේ අතක ඇඟිල්ලක් ගෙන කටේ දමා හැපුවේ හොර මනමාලයා අන්දමන්ද කරමිනි.
නොසිතූ මොහොතක ලද ප්‍රතිචාරයෙන් කලබලයටත් දැඩි වේදනාවටත් පත් හොර මනමාලයා මර ලතෝනි දෙමින් කළුවරේම පැන දිව්වේ කරන්නට අන් යමක් නො වූ හෙයිනි.
ඉන් නොනැවතුණු කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ඇමතුමක් දෙමින් සිද්ධිය දැනුම්දීමටද අමතක නොකළාය.
ඒ අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීන් රාත්‍රියේම ඇයගේ නිවෙස සොයා ගිය ද පැමිණි පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් හෝ දැනගන්නට නොලැබිණි.
සිද්ධියෙන් නොනැවතුණු ඇය පසුදින ප්‍රදේශයේ රෝහල කරා පැමිණ ඇඟිල්ලක් නැති පුද්ගලයකු බෙහෙත් දමා ගැනීමට පැමිණියේදැයි රෝහල් කාර්ය මණ්ඩලයෙන් ද විමසා ඇති බව දැනගන්නට ඇත.
කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොර මනමාලයා ඇඟිල්ලත් නැති කරගෙන ගෙදර ගිහින්
thoppiyaa Friday, 03 February 2023 10:28 AM
අනුන්ගේ දේවල්වලට ඇඟිලි ගහන්න යන්න එපා කියන්නේ මේකට තමයි.
රිතික් Saturday, 04 February 2023 01:56 PM
අතක ඇඟිල්ලක්ද හපලා තියෙන්නේ මම හිතුවෙ.....
ගෝවින්දWednesday, 08 February 2023 10:24 AM
මමත් හිතුවෙ මැද ඇඟිල්ල කියලා