IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෝච්චියේ යන්න ‘ටූ හාෆ් ටිකට්’ අරන් දඩ කන්නත් වෙලා

සමාජයේ ජීවත්වන සමහර උදවිය තමන් අනෙකුන්ට වඩා උගත්, පොහොසත්, ගමේම කෙරුමා බව පෙන්වීමට උත්සාහ කරති. එහෙම උත්සාහ කර සමාජයේ ජීවත්වන මොහුට, සමාජයේ අය අතර මොහු ගැන තිබෙන අප්‍රසාදය, කොන්කිරීම, දැනෙන්නේ නැත. ඒ ඔහු ඒවායින් උදම් වී සිටින නිසාය. විශේෂයෙන් සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවන්ට මෙම ගති ලක්ෂණ පිහිටා ඇති බව ඔවුන්ගේ කතාබහෙන් හා හැසිරීම් රටාවලින් මොනවට පැහැදිලි වේ. මෙවැනි ගති ගුණවලින් පිරි පිරිමි පක්ෂයද නැතුවාම නොවේ.

මේ එවැනි ගතිගුණවලින් පිරුණු කාන්තාවක බවට සිතාගත  හැකි සිද්ධියකි. දිනෙක බිරිඳ හා සැමියා තම වයස හයක් පමණ වන දරුවාද සමඟ ගමනක් යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ ඔවුන් තිදෙනාට බිරිඳ විසින් ටිකට් මිලදී ගෙන දුම්රියෙන් ගමන්කර ඇත.

මෙම දුම්රිය බලවේග කට්ටල දුම්රියක් වූ අතර එහි මගී ආසන පිහිටා තිබෙන්නේ වාඩි වූ පසු එකිනෙකට මුහුණට මුහුණ ගැටෙන ආකාරයටය.

මෙසේ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹට ධාවනය කිරීම ආරම්භ කර ගම්පහ දුම්රිය ස්ථානයට ළඟාවිය. එහිදී ටිකට් පරීක්ෂක  මහත්වරු දුම්රියට ගොඩ වී ගමන් කරන දුම්රියේ සිටි මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන්නට වූහ. එසේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන මහත්වරු ඉහත කී පොල්ගහවෙලින් දුම්රියට ගොඩවූ තිදෙනාගේ ප්‍රවේශපත්‍ර ඉල්ලා සිටි හෙයින් කාන්තාව විසින් මිලදී ගන්නා ලද ටිකට්පත් පරීක්ෂක මහතුන්ට දෙන ලදී. ඒවා පරීක්ෂා කළ  ටිකට් පරීක්ෂක මහතුන් ‘‘මෙතන බාග ටිකට් දෙකක්නේ තියෙන්නේ. ඔය දෙන්නා වැඩිහිටියෝ. මේ ළමයා බාලවයස්කාරයෙක් තමා ඒ තුන්දෙනාටම බාග ටිකට්පත් දෙකක් ගත්තේ ඇයි දැයි විමසීය. එවිට කාන්තාව කියා සිටියේ ‘‘එහෙනම් මම කියපු එක වැරදිලා ඇහිලද දන්නේ නෑ’’කියාය.  

එවිට පරීක්ෂක මහතුන් විමසා සිටියේ ‘‘නෝනා කොහොමද ටිකට් ඉල්ලුවේ’’ කියාය.

එවිට කාන්තාව උස් හඬින් ‘‘මම එයාට කීවේ රාගමට ටුහාප් දෙන්න කියලයි. ඉතින් ඒක එයාට තේරුණේ නැතිව ඇති. මමත් ට්‍රේන් එක එන නිසා වැඩිය බැලුවේ නැහැ’’යි කියා සිටියාය. එවිට ටිකට් පරීක්ෂක මහතා ‘‘ඉතින් නෝනා ඉල්ලලා තියෙන්නේ රාගමට බාග ටිකට් දෙකක්නේ. ඉතින් ඒ අය ඉල්ලපු විදියට ටිකට් දීලා තියෙනවා. නෝනා ඒක තේරෙන සිංහලෙන් රාගමට ටිකට් දෙක හමාරක් දෙන්න කීවා නම් හරියට ටිකට් දෙක හමාරක් දෙනවානේ. ඒත් දැන් කරන්න දෙයක් නැහැ. දඩ මුදල ගෙවන්න’’යි කීවේය. එම අවස්ථාවේ කාන්තාවගේ සැමියා ඇය දෙස රවා බලා දඩ මුදල ගෙවා දැම්මේය. මෙයින් ලැජ්ජාවටපත් මේ දෙදෙනා තම දරුවාද සමඟ දුම්රිය  නැවැත්වූ ඊළඟ දුම්රිය ස්ථානයේදී එම පෙට්ටියෙන් බැස වෙනත් පෙට්ටියකට ගියහ. නොදන්නා ඉංග්‍රීසියට ගිහින් වෙච්ච දෙයක්’’ කියමින් එම පෙට්ටියේ සිටි අය  සිනාසෙන්නට වූහ.

එම්.ඩබ්ලිව්.ජයරත්න
තියඩෝරිවත්ත-පොතුහැර



අදහස් (0)

කෝච්චියේ යන්න ‘ටූ හාෆ් ටිකට්’ අරන් දඩ කන්නත් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site