IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නැතිවුණ සල්ලි මල්ල අවුරුදු 25 කට පස්සේ මතුවෙලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම

කුඩා කාලයේදී අසනීප වූ පුත්‍රයාට ප්‍රතිකාර ගැනීමට රැගෙන ගිය රුපියල් 25,000ක මුදලක් වසර විසි පහකට පසුව එම පුත්‍රයා විවාහකර ගැනීමෙන් අනතුරුව හිමිවූ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද කලාපයෙන් අසන්නට ලැබුණි.

වාර්තාවන ආකාරයට මෙසේය.

මීට වසර විසි පහකට පමණ පෙරදී ඇතුගල් පෙදෙසක උපන් පිරිමි දරුවා අසනීප තත්ත්වයකින් පසු වූ නිසා කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ගැනීමට ඔහු රැගෙන පවුලේ අය ගියේය.

එහෙත් නිට්ටාවට සුවයක් නැති නිසා වෛද්‍ය උපදෙස් මත කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු වෙත ඔවුහු දරුවා රැගෙන යාමට තීරණය කළහ.

ඒ අනුව මව හා පියා එක්ව අසනීපයෙන් පසුවන දරුවා රැගෙන බස් රථයක නැගී කුරුණෑගලට ගොස් එතැනින් බැස කොළඹ බසයකට මාරු වීමට යාමේදී පියාගේ කලිසම් සාක්කුවේ දමා තිබූ මුදල් පසුම්බිය අතුරුදන් විය.

එහිදී අසරණ වූ යුවල ප්‍රතිකාර ගැනීම පසෙක තබා දරුවා කැටුව ආපසු නිවෙසට පැමිණියේ දැඩි කනස්සල්ලෙනි.

මුදල් පසුම්බියේ රුපියල් විසි පන්දහසක මුදලක් තිබූ අතර එය පියාගේ නාමය ලියු ලියුම් කවරයක දමා වෙනම මුදල් පසුම්බිය අතරට දමා ඇත.

නැති වූ මුදල ගැන ආශාව අතහැර වෙනත් ආකාරයකට මුදල් වැයකර දරුවාට අවැසි ප්‍රතිකාරය ලබා දීමට මව්පියන් කටයුතු කළේ වෙන කළ යුතු දෙයක් නොතිබූ හෙයිනි.

කාලය ගෙවී ගියේය. ළමා වියේ අසනීපයෙන් පසු වූ පුත්‍රයා උසස් අධ්‍යාපනය නිමවා රජයේ රැකියාවකට පිවිසියේ පසුගියදාකය.

මනාලයා ඇතුගල් පුරවරයේය. මනාලිය මහවැලි ජනපදයේය. මනාලයා මනාලියගේ නිවසේ බින්න බැස මහවැලි අඩවියේම නතර විය.

මංගල කටයුතුවලින් අනතුරුව මනාලයා එම නිවෙසේ රැඳි පොත් පත් පරීක්ෂා කළේ නිකමට මෙනි. එහෙත් එක්වර දුටු දෙයින් ඔහු අන්දමන්ද විය. තම පියාගේ නම සඳහන් පැරණි ලිපි කවරයක් දෙස ඔහුගේ නෙත ගැටුණි.

නිවෙසේ පොත් ගොඩ අස්සේ ඔහු එය සුරක්ෂිතව තබාගෙන තම පියා එහි පැමිණි පසුව පියාට පෙන්වා ඇත්තේ කුතුහලයෙනි.

එය අතට ගත් පුත්‍රයාගේ පියා දියණියගේ පියාගෙන් එය ලැබුණු ආකාරය ගැන විමසීය.

මුදල් පසුම්බියක් සහිත එම ලිපි කවරය කුරුණෑගල බස් රථයක වැටී තිබී හමු වූ බවත් එහි තිබී රුපියල් විසි පන්දහස මුදලක් හමු වූ බවත් ඔහු සඳහන් කළේය. මෙම මුදල සහිත පසුම්බිය සන්තකයේ තබාගෙන සෑහෙන කලක් තිස්සේ එහි අයිතිකරු සෙවූ බවත් ඔහු සඳහන් කළේය. අවසානයේ අයිතිකරු ගැන කිසිම හෝඩුවාවක් නොවූයෙන් එහි මුදල අසල්වැසි නිවෙසක කුඩා දැරියකගේ අසනීප තත්ත්වයක් සුවකර ගැනීමට දුන් ආකාරයද හෙතෙම හෙළි කළේය.

තම දරුවා සුවපත් කරන්නට ගෙන ගිය මුදල නැති වූ බවටත්, එම දරුවා මෙම බෑනා බවත් පියා එහිදී හඳුන්වා දීමෙන් අනතුරුව නැති වූ මුදලට වඩා වැඩි මුදලක් තම මාමණ්ඩිය බෑනාගේ අතේ තැබූ බවටත් තොරතුරු අනාවරණය වේ.



අදහස් (0)

නැතිවුණ සල්ලි මල්ල අවුරුදු 25 කට පස්සේ මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site