IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ෆේස්බුක් පෙම්වතිය කලිසමත් සුද්ද කරගෙන

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

මුහුණු පොතෙන් කම්සැප විඳින්නට ගොස් තිබුණ සැපත් අහිමි කරගත් සැමියකු පිළිබඳව කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.

මුහුණු පොතෙන් හඳුනා ගන්නා කාන්තාවන් සමග කම්සැප විඳින සැටි මිතුරන් කතා කරනා විට ඔහු කටේ කෙළ හල හලා අසා සිටියේ තමන්ටත් ඒ අවස්ථාවක් ලැබේ නම් කෙතරම් හොඳදැයි සිතමිනි.

ඒ නිසාම එක් මිතුරෙකුගෙන් තොරතුරු ඉල්ලා ගත්තේ මේ සම්බන්ධයෙන් කටේ කෙළ බිම දාන්න එපා යයි මිතුරා පොරොන්දු කරගෙන ඔහුට භාගයක්ම අරන්දීමෙන් පසුවය.

මුහුණු පොතෙන් ඔහුගේ වයසට ගැලපෙන කාන්තාවක සමග  චැට් එකක් දාගන්නේ ඉන් අනතුරුවය. වැඩේට ඔහු කෙළින්ම බැස්සේය. එන තැන අසා ගත්තේ ඊට ගෙවිය යුතු ගනන්ද අසා ගනිමින්ය.

නගරයේ කාමර කුලියට දෙන තැනකට ඔහු ආවේ කුමාරයකු මෙනි. ඉඳහිට මදින දත් තිස්දෙකම නැතත් කටේ ඇති බහුතරයක් දත් එදා මදින්නට ඔහු අමතක නොකළේය. සැන්, පවුඩර් ටිකක් ද ඇඟලා ගත්තේ හැමදාම හමන හිනිගඳගහන දහඩිය එදාටත් ආවොතින් යන බිය නිසාය.

බලාපොරොත්තුවෙන් සිටි ලිය අරලිය මලක් මෙන් සිනා සී ආවාය. ඔහුගේ හිතට අමුතු ගැම්මක් ආවේය. මුදල මුලින්ම දුන්නේය. කාමරයට ගියේ ඉන් පසුවය. ගිය සැනින් දොරට තඩිබානු ඇසිණි. වහාම ඔහු දොර ඇරියේය. මහා නැඩ දේහධාරී පුද්ගලයකු පිහියක් අමෝරාගෙනය. මගේ ගෑනිත් එක්ක නිදා ගන්නද හදන්නේ යැයි හැඩි දැඩි පුද්ගලයා බෙරිහන් දුන්නේය. ඔහුට රෑ තරු දවල් පෙනුණේය.

ඉඳපිය මම තොගේ ගෑනිටයි දරුවන්ටයි තොගේ වල්කම ගැන කියනවා යැයි ඔහු කීවේ යටිගිරියෙනි.

අනේ එහෙම කරන්න එපා මම ඔහේ කියන ඕනෑම දෙයක් කරන්නම් කියමින් ඔහු පින් සෙණ්ඩු වුණේය. අන්න එහෙම වරෙන් කී මැරයා එහෙනම් මට රුපියල් විසිපන්දාහක් දීපන් මේක ගොඩින් බේර ගන්න නම් යැයි කීවේය.

නැති බනේ කියමින් ඔහු රුපියල්  විසිපන්දහස රුපියල් දසදහසට අඩු කර ගත්තත් එයද ගෙවීමට හැකියාවක් නොවුණ හෙයින් මිතුරන් දෙතුන් දෙනකුගේ උපකාරය පැතුවේ එහෙයිනි. මිතුරන් කිහිපදෙනකුගේ අතමාරුවලින් එදා ජාමේ බේරාගෙන පැමිණියත් මෙය ඔහුගේ භාර්යාවගේ කනට ගියේ ඥාතීන්ගේ මාර්ගයෙනි. එය දැන ගත් ඇය ඔහු ගණන් නොගත්තාය. තිබූ සබඳතාවත් නතර කර බත් පත පමණක් දුන්නේ ඔහුගේ මාස් පඩිය නැතිව ගෙදර ගෙනියන්න බැරි නිසාය.



අදහස් (0)

ෆේස්බුක් පෙම්වතිය කලිසමත් සුද්ද කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site