IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හාමුදුරුවන්ගෙ චරිත සහතිකේට ඡන්ද අපේක්ෂක එර්දි වෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

මෙදා පාර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනාදී පක්ෂයේ දිස්ත්‍රික් නායකයා සමග පළමුවෙන්ම ආශිර්වාද ලබා ගැනීමට ගමේ විහාරස්ථානයට ගිය අපේක්ෂකයකුට විහාරස්ථානයේදීම එර්දිවීමට සිදුවූ පුවතක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.

නායක හාමුදුරුවන්  ගිය සැනින්ම දිස්ත්‍රික් නායකයා හඳුනාගත්තේය. ‘හා මහත්තයෝ කොහොමද ? මොකද ! මේ පැත්තේ’ යැයි දිස්ත්‍රික් නායක තැනගෙන් ඇසුවේ ඔහු සමග ගිය ගමේ තැනැත්තාද උන්වහන්සේගේ දෙනෙත්වලට ග්‍රහණය කරගෙනය.

‘කවුද මහත්තයෝ මේ’ යැයි නායක හාමුදුරුවන් ඇසුවේ ඔහු පෙන්වමිනි.

‘ඇයි හාමුදුරුවනේ මෙයා මේ ගමේ කෙනෙක්නේ, අඳුනන්නේ නැද්ද?’ යයි දිස්ත්‍රික් නායකයා නාහිමියන්ගෙන් ඇසුවේය. ‘මෙයා තමයි මෙදා පාර මේ ගමෙන් අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ’ දිස්ත්‍රික් නායකයා කීවේය.

‘මහත්තයෝ මෙයා මේ ගමේ වුණාට මම හිතන්නේ මේ පන්සලට ආපු පළමු වතාව වෙන්න ඇති’. උන්වහන්සේ ඔහු දිහා බලාගෙන කීවේ ඔහුගේ මුහුණ කරත්තයට හසුවූ කජු ලෙල්ලක් බවට පත්කරවමිනි.

‘මම හිතන්නේ ඔය මහත්තයා පිටගම්කාරයෙක් වුණත් මෙයාට වඩා මේ පන්සලට ඇවිල්ලා ඇති ’ නායක හාමුදුරුවන් ඔහුගේ දෙනෙත් දෙස බලාගෙන කීවේ ඔහුගේ ඉහමොළ රත් කරමිනි.

‘කියමුකො බලන්න මේ ළමයාගේ තාත්තාගේ නම’ ‘මම හාමුදුරුවනේ අර අසවලාගේ පුතානේ’ යැයි ඔහු සිය පියා ගැන හඳුන්වා දුන්නේය. ‘හා උන්නැහෙත් ඉතින් පන්සල පැත්ත පළාතක එන්නේ නැහැනේ’ යැයි ද ලොකු හාමුදුරුවන් පැවැසුවේ ගානකට මිම්මකට නැතිවය.

මේ කතා අස්සේ ඔහු සිය අපේක්ෂකයා සෙව්වේ නායක හාමුදුරුවන්ට වැඳ අවසර ගන්න යද්දීය. ඔහු ඒ වනවිටත් පන්සලෙන් එර්දිවී අවසාන ලු‍.



අදහස් (0)

හාමුදුරුවන්ගෙ චරිත සහතිකේට ඡන්ද අපේක්ෂක එර්දි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site