IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වියපත් අම්මාට දුන් තෑග්ග පුතුගේ අනියම් බිරිය අතට ගිහින්

රුවන්වැල්ල -විමලරත්න සමරක්කොඩි

වයස්ගත මවකගේ කන් ඇසීම පහසුවන ලෙසට පෞද්ගලික සමාජ සේවා ආයතනයකින් නොමිලේ ලබාදී තිබූ ශ්‍රවණ උපකරණයක් ඇගේ පුතු ඇසුරු කරන ශ්‍රවණාබාධිත අනියම් බිරියට ගෙනගොස් දීමේ පුවතක් රුවන්වැල්ල ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබිණි .

වයස අවුරුදු 70 ක් පමණ වූ මෙම වයස්ගත මාතාවට ශ්‍රවණ උපකරණයක් ලබාදීමට ඉදිරිපත් වී ඇත්තේ එම ගමේ ස්වෙච්ඡා සංවිධානයක තනතුරක් දරන තැනැත්තියකි.

එවැනි උපකරණයක් ලබාගැනීමට තරම් යමක් කමක් නොමැති අසරණ පවුලක මාතාවක වූ බැවින් ඇය එම කාර්යය කිරීමට පෙළැඹී ඇත. මෙම මාතාවගේ සැමියාද වයස්ගතව සිටි අතර නිවසේ සිටි එකම පුතාද අවිවාහකව සිටියේය. හරිහැටි රැකියාවක්ද නොතිබූ ඔහු මව්පියන්ටද බරක් වී තිබිණි .එසේම ඔහු ගමේම පදිංචි ඔහුගේ මිතුරකුගේ බිරිඳ සමග අනියම් හාදකමක් පවත්වාගෙන යන බවද ගමේ කවුරුත් දැනසිටි කරුණක් විය.

මේ අතරවාරයේ ස්වෙච්ඡා සංවිධානයේ නිලධාරිනිය ඇය සම්බන්ධතා පවත්වන සමාජ සේවා ආයතනයට කරුණු දැක්වීමෙන් පසු ශ්‍රවණ උපකරණය ලබාගැනීමට සමත්වූවාය.

එය තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් සේ සැලකූ නිලධාරිනිය වයස්ගත මාතාවට ගෙනවිත් දෙන ලද්දේ ඉමහත් සතුටකිනි.වයස්ගත මාතාවද එයින් නොමඳ සතුටක් ලැබු අතර රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර එය ගලවා ආරක්ෂිතව තැබීමද සිරිතක් කර ගත්තාය.

කාලය එලෙස ගෙවී යමින් තිබියදී දින හතරකට පසු ශ්‍රවණ උපකරණය අස්ථානගතවී තිබිණි. කොතෙක් සොයා බැලීම් කළද එය හමු නොවීය.මේ අතර ඇගේ පුතා ඇසුරු කරන තැනැත්තියට වෙනදාට වඩා හොදින් කන් ඇසෙන බවක්ද ගමේ පැතිර ගිය කතාවක් විය.එසේම එය එසේවී ඇත්තේ මවට ලැබුණ උපකරණය ඔහු සොරාගෙන ගොස් එම තැනැත්තියට දී ඇති නිසා බවද ඒ සමගම ගමේ පැතිර ගිය අනෙක් කතාවද විය.



අදහස් (0)

වියපත් අම්මාට දුන් තෑග්ග පුතුගේ අනියම් බිරිය අතට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site