IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නැතිවුණ මුද්ද බැංකුවට උකස් තියා බහිරවයාට සලකලා

මතුගම බන්දු තඹවිට

අස්ථානගතව සොයාගැනීමට නොහැකිව තිබුණු මංගල මුදුව නැවත ලැබීම නිසා එය උකස්කර බහිරව පූජාවක් පැවැත්වීමේ අපූරු පුවතක් පස්දුන් කෝරළයේ ඈත ගමකින් වාර්තා විය.

ඔවුහු රාජ්‍ය ආයතනයක සේවය කරන සැමියෙක් සහ ගෘහණියක් ලෙස කටයුතු කරමින් දිවි ගෙවන බිරියකි. දරුවන් දෙදෙනකු සමග ජීවිතය ගත කරමින් නිවෙසේ කටයුතු සිදුකරන විට දුර්වර්ණ වන නිසා බිරිය මංගල මුදුව ගලවා සුරක්ෂිත ස්ථානයක තබා වැඩ පළ කළාය. දිනක් මංගල  මුද්ද නොමැති බව දැක බිරිය දැඩි කලබලයට සහ ශෝකයට පත්වී සැමියාටද     ඒ බව දන්වා වහාම සාස්තරයක් ඇසීමට ගියේ සොරා සොයා ගැනීමටයි.

ශාස්තරකරු වෙත යන ගමනුත් බිරිය තම මංගල මුදුව සොරා ගැනීම සම්බන්ධයෙන් සැමියාගේ මිතුරන්, සැමියාගේ පවුලේ අය වෙත සැකය එල්ල කිරීමට පසුබට නොවූවාය. ශාස්තරකරුගේ ප්‍රකාශයත් සමග මුදුව නැතිවීම වෙනස්ම පාර්ශවයක් වෙත යොමුවිය.

ශාස්තරකරු පැවසුවේ ඔවුන් ජීවත්වන නිවෙසේ කාලයකින් බහිරව පූජාවක් සිදුකර නොමැති බවත්, එම නිසා නිවසේ වටිනා භාණ්ඩ බහිරවයා විසින් සඟවනු ලබන බවත්ය. ඒ නිසා ඉක්මනින් අවශ්‍ය පුද පූජා නොපැවැත්වුවොත් තවත් වටිනා භාණ්ඩ අහිමිවිය හැකි බවද සඳහන් කළේ බැරෑරුම් අයුරෙනි.

ශාස්තරකරුගේ ප්‍රකාශය තදින්ම ග්‍රහණය කර ගත් බිරිය සැමියාට ඇවිටිලි කරමින් දහස් ගණනක් වැය කරමින් විවිධ පුද පූජා පැවැත්වූවාය එහෙත් මාස ගණනාවක් ගියත් නැතිවූ මංගල මුදුව නම් හමුනොවීය.

බැරිම තැන නැතිවූ මුදුව පිළිබඳව ආශාව අත්හැරියාය.  දිනක් බිරිය නිවෙස අස්පස් කරමින් සිටිනවිට මී පැටවකු විසිත්ත කාමරය දෙසට ඇතුළුවනු දැක සෝපාව තිබුණු තැනින් ඉවත් කර මී පැටවා සෙවීමේදී මී පැටවා කෙසේ වෙතත් මෙතෙක් කලක් නැති වී තිබුණු මංගල මුදුව සෝපාව යට තිබී හමුවිය.

වහාම සැමියාට දුරකතන ඇමතුමක් ලබාදී නිවෙසට ගෙන්වාගත් බිරිය තමා මෙතෙක් කාලයක් සිදුකළ පුද පූජා නිසා මංගල මුදුව බහිරවයා විසින් නැවත ගෙනැත් දමා ඇති බවත් එනිසා ඉක්මනින් බහිරවයාට පූජාවක් පැවැත්විය යුතු බවත් පැවැසුවාය.

මුදුව නැතිවීම බහිරවයාගේ වැඩක් නොවන බවත් බිරිය අතින්ම මුදුව බිම වැටී පුටුව යටට යන්නට ඇති බවත්, එම නිසා තවත් බහිරව පූජා අනවශ්‍ය බවත් සැමියා පැවසුවේ තරමක කෝපයෙනි. එහෙත් බිරිඳ එක හෙළාම පවසා සිටියේ කීයක් ගියත් බහිරව පූජාවක්     පවත්වා     බහිරවයාට     පුද සත්කාර කළයුතු     බවය.
එවිට සැමියා පවසා     ඇත්තේ     මුද්දක්     අලු‍තින් ගන්න තරම් මේ වනවිට පූජා සඳහා වියදම් කර ඇති නිසා තවදුරටත් බහිරව පූජාවක් සඳහා තමාට වියදම් කළ නොහැකි බවයි.

අවසානයේ සැමියා බහිරව පූජාවක් සඳහා මුදල් නොදෙන නිසා නැතිවී තිබී හමුවූ රන් මුදුව බැංකුවකට උගස්කර ලබාගත් මුදලින් බහිරවයාට පූජාවක් පැවැත්වීමට බිරිඳ කටයුතු කළ අතර සැමියා පැවසුවේ මේ පාර නම් මුද්ද ඇත්තටම බහිරවයාට හිමිවී ඇති බවත්ය.



අදහස් (1)

නැතිවුණ මුද්ද බැංකුවට උකස් තියා බහිරවයාට සලකලා

pakeer Monday, 06 February 2023 10:07 PM

බහිරවයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site