IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉගෙනීම වහකදුරුවූ සිසුන් ගුරුවරිය අතරමං කරලා

ඉගෙනීමට ඇති කම්මැලිකම නිසා ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම සිදුකරන ගුරුවරියකගේ මෝටර් රථයේ රෝද හතරේම හුළං යැවූ අපූරූ සිසුන් පිරිසක් සිටින තක්ෂලාවක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ.

උපකාරක පන්ති ක්ෂේත්‍රයේ සහ පාසල් අධ්‍යාපන කටයුතුවලදී ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් උසුලන මෙම ගුරුවරිය පාසල් ළමයින් අතර ජනප්‍රිය වූවාය. පාඩම් වැඩ අතපසු කරන ළමයින්ට ඇයගෙන් කිසිදු බුරුලක් හිමිවූයේම නැත.

බොහෝ අවස්ථාවලදී ළමයින්ගේ මව්පියන් කැඳවීමට ද ඇය අමතක නොකළාය. බොහෝ පන්තිවල ඉගෙන ගන්නා ළමයි ඇයට දැඩි ලෙන්ගතු කමක් දැක්වූහ. ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම ඇය විසින් සිදුකළද එම විෂය ප්‍රධාන විෂයධාරාවන්ට අයත්විය. මව්පියන්ගේ පෙරැත්ත කිරීම නිසාම ඇතැම් ළමයි මෙම විෂය ඉගෙන ගත් අතර විෂයට අකමැති ළමයි ද ඒ අතර වූහ.

පන්තියේ විවේක කාලයේදී ළමුන් පිරිසක් අවට සැරිසරමින් සිටියදී ගුරුවරියගේ මෝටර් රථය ගාල් කර තිබෙන අයුරු දැක ඇත. ජාත්‍යන්තර භාෂාව ඉගෙන ගැනීම එපා වී සිටි ළමයි කිහිප දෙනෙක් මෝටර් රථයේ රෝද හතරේම සුළං ඇරියහ. හුළං ගැසීම සඳහා සවිකර තිබූ උපාංගද ඔවුහු ගලවා ඉවත් කළහ.

නැවත පන්තියට ගිය  පිරිස කිසිවක් නොවූ පරිද්දෙන් සවස නිවෙස් වලට ගියහ. ගෙදර යාමට සූදානම්ව මිතුරියක සමග මෝටර් රථය නතරකර තිබූ ස්ථානයට ගිය ගුරුවරියට දෙවියන් සිහි වූයේ වාහනයේ රෝද හතර දැකීමෙනි.

කිසිවක් කරකියාගත නොහැකි වූ ඇය යහළුවන් කිහිපදෙනෙකු අමතා හුළං පොම්පයක් ගෙන්වා ගෙන රෝදවලට හුළං ගසාගෙන ගෙදර ගියාය. බරපතළකම නොදැන ළමුන් සිදුකළ වරදක් ලෙස ඇය ඒ පිළිබඳව විපරම් කිරීමක් සිදුනොකළත් හුළං ඇරීම සිදුකළ ළමයින්ට රහස රැකගැනීමට නොහැකි වීම නිසා සිද්ධිය ප්‍රසිද්ධ වීම නිසා සති කිහිපයක් පාසල් නොපැමිණි බව කියති.



අදහස් (0)

ඉගෙනීම වහකදුරුවූ සිසුන් ගුරුවරිය අතරමං කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site