IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කට්ටඩියාට යටවූ දුව බේරගන්න මව පොලිසි ගිහින්

ගම්පහ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කට්ටඩියෙකි. ඔහු එම ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග දුරකතනයෙන් ඇයිහොඳයියක් ගොඩනඟාගෙන තිබුණි.

මෙම තරුණිය සහ කට්ටඩියා අතර පවත්වාගෙන යන සම්බන්ධතාව පිළිබඳ ඇගේ මවුපියන්ට දැන ගැනීමට ලැබුණි. මවුපියෝ මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කළහ. පැමිණිල්ලට අනුව දෙපාර්ශවය කැඳවා කරුණු කාරණා පැහැදිලි කර දී සිද්ධිය සමථයකට පත් කර තිබුණි.

එය සමථයකට පත් කළ ද දෙදෙනා අතර සම්බන්ධතාව නතර නොකර දිගින් දිගටම පවත්වාගෙන ගොස් තිබේ.

කට්ටඩියා මාසයකට වරක් තරුණිය මුණගැසීමට මඟට ගොස් ඇය මුණගැසී ආපසු  යන්නේය. මේ පිළිබඳ දැනගත් ඇගේ මව ඉකුත් දිනෙක සිය දියණියට කට්ටඩියා බැන තර්ජනය කරන බව පවසා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

පැමිණිල්ලට අනුව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් තරුණියත් ඇගේ මවත් විත්ති පාර්ශවය වෙනුවෙන් කට්ටඩියාත් ඔහුගේ 40 හැවිරිදි වැඩිමහල් සහෝදරියත් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කැඳවා තිබුණි.

එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණියගේ මව පොලිසිය හමුවේ කියා සිටියේ තම දියණිය කෙසේ හෝ කට්ටඩියාගෙන් බේරා දෙන ලෙසය. එහිදී තරුණිය පොලිසිය හමුවේ කට්ටඩියාට විරුද්ධව කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි. කට්ටඩියා කියා ඇත්තේ තරුණියට මවුපියන් නොසලකන බවත් ඇය කෙසේ හෝ තමන් ඉදිරියේදී විවාහ කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් සම්බන්ධතාව නතර නොකරන බවත්ය. පසුව තරුණියගේ මව කියා ඇත්තේ  දෙදෙනාගේ වයස පරතරය නොගැලපෙන බවත් තමන් ඊට තදින්ම විරුද්ධ බවත්ය.

එහිදී කට්ටඩියාගේ  වැඩිමහල් සහෝදරිය කියා ඇත්තේ වයස අවුරුදු 75 ක ජනප්‍රිය ගායකයෙක් පසුගිය කාලයේ 38 හැවිරිදි තරුණියක් විවාහ කර ගත් බවත් මල්ලීට මේ තරුණිය ඉතාමත් ගැලපෙන බවත්ය.

පසුව දිගින් දිගටම දෙපාර්ශවයට කරුණු කාරණා පැහැදිලි කර දුන් පොලිසිය පැමිණිල්ල සමථයකට පත් කළේය.



අදහස් (0)

කට්ටඩියාට යටවූ දුව බේරගන්න මව පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site