වියලුව වාර්තාකරු
පොරොන්දු වූ පිරිසට වඩා වැඩි පිරිසක් පදිංචිව සිටීම නිසා අමුතුම තාලයේ ප්‍රශ්නයක් ඇතිවන බව පවසා වෙනත් කුලී නිවෙසක් සොයා ගන්නැයි කියමින් කලක් තිස්සේ කුළි ගෙවමින් සිටි අඹු සැමි යුවළක් අත දරුවකු ද සමග කුලී නිවසකින් එළියට ඇද දැමූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
දෙදෙනා රජයේ රැකියාවක නිරත අඹු සැමි යුවළකි. වයස අවුරුද්දක පමණ ළදරුවකු සිටීම නිසා දරුවා බලා ගැනීමට මෙහෙකාරියක් ද ඔවුන් සමග විසුවාය. රැකියාවට යාමේ පහසුව තකා ඔවුහු නගරයේ කුලි
නිෙවසක පදිංචියට ගියේ වසරකට පමණ පෙරදීය. නිවෙස කුලියට ලබා දුන්න ද නිවසේ හිමිකරු නිවෙසට යන එන්නන් පිළිබඳ සිටියේ දැඩි විමසිල්ලෙනි. නිවෙසට පිටතින් කවුරුන් හෝ පැමිණියේ නම් ඔවුන් පිළිබඳ විමසීමට ද හෙතෙම අමතක නොකළේය.
දුර බැහැර පිහිටි ගම්මානයක ජීවත්වූ පිරිමියාගේ මව හා පියා පසුගිය දිනක මෙම නිෙවසට පැමිණියේ නගරයේ මහ රෝහලේ පැවැත්වෙන සායනයකින් ප්‍රතිකාර ගෙන තම පුතාගේ නිවෙසේ දින කීපයක් රැඳී සිටිමින් ඔවුන්ගේ දුක සැපද විමසා යන්නටය.
මෙම අමුත්තන් පිළිබඳ විමසිල්ලෙන් සිටි කුලීකරු සවස් යාමයේ අඹු සැමි යුවළ රැකියාව නිම වී නිවෙසට එන තුරු බලා හිඳ ඔවුන් අමතමින් කියා සිටියේ එදින රාත්‍රියේම කුලී නිවෙසින් පිටව යන ලෙසය.
ඊට හේතුව විමසද්දී ඔහු පවසා සිටියේ නිවෙසේ සංඛ්‍යාව වැඩිවත්ම නිවසේ වැසිකිළි වළ පිරීයාම තමුන්ට ගැටලුවක් වන බැවින් මෙම තීරණය ගත් බවකි.
කෙසේ හෝ පසුදිනම තම මාපියන් නිවෙස් බලා පිටත් කළ ද කුලිකරුගෙන් ඔවුන්ට සමාවක් නොලැබිණි. අවසානයේ දී අඹුසැමි යුවළ තවත් දින දෙක තුනක් ඇතුළත නව නිවසක් සොයාගෙන වසරකටත් වැඩි කලක් සිටි පැරණි කුලි නිවෙසින් පිටව ගියේ තම ආයතනයේ සේවක පිරිසකගේ ද සහාය ඇතිවය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
අමුතුම තාලයේ ප්‍රශ්නයකට පවුලක්ම කුලී ගෙයින් එළියට