අනියම් බිරිය සමඟ යහන් ගතවෙන්නට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් (16) රාත්‍රී අසන්නට ලැබුණි.
මෙම නිලධාරියා මීට පෙරද එවැනි සිදුවීම් කිහිපයකට හසුවී පහර කෑමට ලක්ව තිබෙන මුත් පොලිසීයට නොගොස් සමථයකට පත් කර ගන්නට ඔහු සමත් වී තිබිණි.
ආරක්ෂක නිලධාරියා රාත්‍රියේ අනියම් බිරියගේ නිවසට ගොස් ඇත්තේ ඇයගේ සැමියා වෙනත් කටයුත්තක් සඳහා නිවසෙන් බැහැරව සිටි බව දැනගෙනය. එහෙත් සිය බිරියගේ හැසිරීම පිළිබඳ සැක සිතූ සැමියා පෙර සිට ඇගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් පටිගත වන ලෙසට බිරියටද රහසේ කටයුතු කර තිබී ඇත.
ඒ අනුව බිරියගේ සහ ආරක්ෂක නිලධාරියාගේ සැලසුම් දැන ගත් සැමියා නිවසෙන් බැහැරව ගොස් ඇත්තේ දෙදෙනා අතටම අල්ලා ගැනීමේ අරමුණෙනි.
සුපුරුදු අරමුණ ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් තමන් නොමැති අවස්ථාවල නිවසට ගොස් තම බිරිය සමග දිගු කලක් යහන්ගත වූ ආරක්ෂක නිලධාරියා එදින අතටම අල්ලා ගැනීමට සැමියාට එහිදී හැකිව තිබේ.
දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ආරක්ෂක නිලධාරියාට පහරදී ගහක බැඳ සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොස් ඔහු බේරා ගෙන ඇත.
නැවත මෙවැනි පවුල් කඩාකප්පල් කරන වැරදි නොකරන ලෙසත් තනතුරට ගැලපෙන ලෙස ජීවත් වන ලෙසත් පවසමින් ගසක බැඳ තිබූ ආරක්ෂක නිලධාරියාගේ ලණු ලිහා දැමීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනියම් බිරිය සමග යහන්ගතවූ ආරක්ෂක නිලධාරියා ගස් බැද පහරදීලා
burampi Saturday, 28 January 2023 01:53 PM
කසාද බැඳලා අවුරුදු 45යි. ඔයා කැමැති නම් ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්න කියලා මම කිව්වා.
senaSunday, 29 January 2023 01:35 PM
බැඳපු අලුතමද කිව්වේ...?
wilbertTuesday, 31 January 2023 01:25 PM
පුදුම අසහනයක්නේ ඔහෙට තියෙන්නේ