කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
හා හා පුරා පෙර පාසලට පිය නැගූ දිනයේ තෑගි නොගෙන ආ සිඟිති දරු දැරියන්ගේ බුලත් හුරුලු නොගෙන මුල්ම දිනයේ සිඟිත්තන්ගේ සිඟිති මොළය අවුල් කළ පෙරපාසල් පාලිකාවක පිළිබඳ පුවතක් ගාලු දිසාවේ පුරවරයකින් අසන්නට ලැබේ.
එය ජනතාවගේ වරිපනම් බදු මුදලින් නඩත්තු වන ආයතනයකින් පාලනය කරන පෙර පාසලකි. උගන්වනුයේ නොමිලයේය. ප්‍රදේශයේ ඇති හැකි උදවිය නගරයේ පෙර පාසල්වලට මුදල් ගෙවා ගියත් අනිත් දරුවන් යන්නේ මේ පෙර පාසලටය. ඒ තමන්ගේ තියෙන නැති බැරිකම නිසාය.
මේ පෙර පාසලට අලුතින් සිඟිත්තන් බඳවා ගත්තේ ඊයේ පෙරේදා ය. ප්‍රදේශයේ කුඩා දුවා දරුවන් හා හා පුරා මේ පෙර පාසලට ගියේ අහිංසක බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන ය.මේ ගිය දරුවන්ගෙන් ඇතමකු ගියේ බුලත් හුරුලු තුරුලු කරගෙන ය. තවත් සමහරෙක් ගියේ එක තෑග්ගක් සහ බුලත් හුරුලු තුරුලු කරගෙන ය. අලුත් පොඩ්ඩන් රොත්ත දිව ගියේ ලොකු මිස්ට බුලත් හුරුලු දී ඔළුව අතගාගෙන ආශිර්වාද ලබා ගැනීමට ය.
අහෝ! දුකකි. බුලත් හුරුලු පමණක් ගෙන ගිය දරුවන්ගේ සහ එක තෑග්ගක් පමණ ගෙන ගිය දරුවන්ගේ බුලත් හුරුලු මේ ලොකු මිස් ගැනීම ප්‍රතික්ෂේප කළේ අලුත් පොඩ්ඩන්ට අලුත් පණිවිඩයක් ද දෙමිනි. බුලත් හුරුලු පමණක් ගෙනා දරුවන් වගේම එක තෑග්ගක් පමණක් ගෙනා දරුවනුත් ආයෙත් හෙට බුලත් ගේන්න එක ළමයෙක් තෑගි දෙකක් එක්ක. මේ පෙර පාසලේ මායි තව ටීචර් කෙනෙක් ඉන්නවානේ. දෙන්නටම එක්ක තෑගි දෙකක් ගේන්න යැයි ලොකු ටීචර් පොඩ්ඩන්ට කීවේ ලොකු ටීචර්ට ඇත්තේ ලොකු මොළයක් නොව පොඩි මොළයක් බව රටටම ප්‍රදර්ශනය කරමිනි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙර පාසල් ආ මුල්ම දවසේම සිඟිත්තන්ට අලි තොප්පියක් දාලා
නිමල් කනකරත්න Thursday, 16 February 2023 07:26 AM
මං හිතන්නේ ඒ මිස් පෙර පාසලකට ගිහින් නැතිව ඇති. ඒ එක්කම බොහෝ පෙර පාසල් වල තත්ත්වය ඔහොම තමයි. වාර්ෂික විවිධ ප්‍රසංගය සඳහා ළමුන්ගෙන් විශාල මුදලක් අයකර ගන්නවා. ඇඳුම් පැළඳුම් වලට එයිනුත් කොටසක් මිස්ලගෙ සාක්කුවට.