කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අනුන්ගේ සාදවලදි කන පැලෙන්න අඩි ගසන තරුණයකුට ඔහුගේ නිවෙසේ පැවැති ප්‍රිය සාදයට තමන්ට ආරාධනා නොකිරීම නිසා කලකිරුණු මිතුරන් පිරිසක් ඇඹරූ ගුලියකින් ඔහු ලොකු අමාරුවක වැටුණු අවස්ථාවක් පිළිබද පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
මේ මිතුරා සාද හොය හොයා යන්නේ කන පැලෙන්න බොන්නය. එහිදී ඔහුගේ අංක එක බීමය. බීම සඳහා රැගෙන එන බැදපු ,ඩෙවල් දමපු කුකුළන්, හරකුන් සහ වල් ඌරන් ඇතුළු කට ගැස්මට රැගෙන එන සත්ව සංහතියම ඔහු බඩ තුළට දමා ගන්නේ මේ කෑම ජාති යහමින් කා පසු දින සෑදෙන බඩේ අමාරුවද නොසලකාය.
ඔහුගේ නිවසේ සාදයක් පැවැතියේ ඊයේ පෙරේදාය.එකට කන බොන මිතුරන් සිතූවේ අනිවාර්යයෙන්ම මේ සාදයට තමන්ට ද ආරාධනය කරනු ඇතැයි සිතාය. එම පාටියේදී කන පැලෙන්න බොන හැටි පිළිබඳව ඔවුහු සිහින මැවූහ.
එහෙත් සාදයට තමන්ට කියන පාටක් නොවූවෙන් මිතුරන් සිටියේ දැඩි කනස්සල්ලෙනි. මේ සඳහා ඔහුට ලොකු පාඩමක් ඉගැන්විය යුතු බවටද ඔවුහු කතිකා කළහ.
දියණියගේ සාදයට ආරාධනා කළ සීමිතවූ නෑයෝ පිරිසක් පැමිණියහ. එහෙත් දහවල් වන්න වන්න තමන් ආරාධනා නොකළ තරුණයෝ ද ඔහුගේ නිවෙසට පැමිණියහ. එකා දෙන්නා එනවිට ඔහු සිතුවේ දුවගේ පාටිය ආරංචිවී මිතුරු කමට එන අයයැයි සිතාය.
එහෙත් එන්න එන්නම පිරිසේ පැමිණීම වැඩිවූවා මිස අඩුවීමක් ඔහුට දක්නට නොවිණි. මෙය ඔහුට මෙන්ම බිරියට ද ලොකු ප්‍රශ්නයකි. සිය බිරිය මේ ප්‍රිය සාදය අස්සේ ඔහුට දොස් මුරයක් දැම්මේ තමාට ද නොදන්වා ඔහු සිය මිතුරු සනුහරේටම මේ උත්සවයට ආරාධනය කරන්න ඇතැයි සිතා ඇතිවූ සාධාරණ සැකය මතය.
මේ තත්ත්වය හමුවේ සීමිත පිරිසකට සෑදූ කෑම බීම ජාති පිළිබඳව මතක්වූ විටත් පිරිස් එනවා දුටුවිටත් ඔහුට සහ බිරියට හීන් දහඩිය දැමුවේය.
ඒ එක්කම එක් අයෙක් මෙම සාදයට තමාට ආරාධනා කළ කාඩ් පතක් රැගෙන ආවේය.
‘‘කමක් නැහැ මචං උඹේම අතින් කාඩ් එක නොදුන්නත් උඹට වැඩ නිසා එන්න බැහැ කියලා අරයා මට දුන්නු කාඩ් එක අරගෙන මම අද උඹලත් එක්ක සතුටු වෙන්න ආවා’’
මිතුරා එසේ කීවිට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ මේ යක්කු මේ විදිහට තමන් නොගැසූ ආරාධනා පත් තව කොච්චර බෙදා ඇත්දැයි බියෙන් සැකෙන් තමන්ගේ නම්බුව බේරා ගැනීමට පැමිණි අයට සංග්‍රහ කිරීම සඳහා යුහුසුළුව ක්‍රියා මාර්ග ගමින් සිටියදීය.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාටියට ඇරියුම් නොකළාට යාළුවන් ගුලියක් අඹරලා
pakeer Wednesday, 03 May 2023 08:12 PM
හොඳ වැඩේ...