කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සද්ගුණවත් අයි ආර් සී කාරයන් කිහිපදෙනකු පිළිබද අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.
බුරුවා ගසා දිනාගෙන එන බූරුවාකාරයන් මග රැක සිට කොල්ලකෑමට මෑතක සිට ගමේ අයි ආර් සී කාරයෝ පිරිසක් පෙරමුණ ගෙන සිටියහ. කොහේ බූරුවා ගැසුවත් මේ පිරිස මේ කාර්ය කරගෙන ගියේ කිසිදු කරදරයකින් තොරවය. ඒ මේ සම්බන්ධයෙන් පොලීසි යාමට නොහැකිවූ කරුණු කාරණා දෙකක් නිසාය.
බූරුවා ගැසීම නීතිවිරෝධි බැවින් ඒ පිළිබදව පැමිණිලි කළහොත් වැටෙන ලොකු අමාරුව එයින් පළමුවැන්නය. අවි ආයුධ සහිත ගමේම ඉන්න චණ්ඩි නිසා පසුවට සිදුවීමට යන අනර්ථය ඉන් දෙවැන්නය.
එදා ඔවුන් සෙල්ලම් කළේ පොඩි බූරුවා සූදු පොළකය. දිනූ මුදල ද පොඩිය. එදාත් රෑ ගමේ අයි ආර් සී කාරයෝ මග රැක සිට බූරුවාකාරයන් සුද්ධ කළහ. මේ සඳහා ගිය පිරිස සලකා බැලූ කල එය ඔවුන්ට බෙදා ගැනීමටත් මදිය. ඒ නිසා ඔවුහු ඒ සඳහා වෙනත් විකල්පයක් ක්‍රියාත්මක කළහ. ඒ බූරුවාකාරයන්ගේ ගෙල පැළඳි හා අත් පැළඳි රන් ආභරණ සියල්ල ගලවාගෙන මුදල් කිරීමය. ඒ අනුව වැඩේ ක්‍රියාත්මක කෙරිණ.
මේ රන් ආභරණ නිල නොලත් ගමේ උකස් මධ්‍යස්ථානයේ උකස් කළේ කොල්ලකරුවන්ගේ ආරක්ෂාව සඳහාය. ඒ සඳහා ජාතික හැඳුනුම්පත් අවශ්‍ය නොවීමත් කට වචනයට හෝ එයින් නිකුත් කරන ලදු පත පමණක් ඉදිරිපත් කර මුදල් ගෙවා ඕනෑම අයෙකුට රන් භාණ්ඩ බේරා ගැනීමට ඇති හැකියාවත් නිසාය.
නගරයේ රාජ්‍ය හෝ පෞද්ගලික තැනකට මේ භාණ්ඩ උකස් කිරීමට හෝ අලෙවි කිරීමට ගොස් තමන් අමාරුවේ වැටෙයි යන්න තිබූ සැකයත් මේ සඳහා හේතුවී තිබිණ.
මේ මංකොල්ලකරුවන් පිරිස එදා ගලවා ගත් රන් ආභරණ ගමේ උකස් මධ්‍යස්ථානයට උකස් කර එයින් ලැබෙන ලදුපත් අදාළ බූරුවාකාරයන්ට ලැබෙනසේ තැපැල්කර යැව්වේ අවශ්‍ය නම් ඒවා ඔවුනට මුදල් ගෙවා බේරා ගැනීමටය. ඔවුන් මේ භාණ්ඩ සඳහා ගත හැකි උපරිම මිල අරගෙන තිබූ බව ද සැලවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හොරු මාල ගලව ගනිද්දී ඇඩ්‍රස් ලියා ගෙන ද ගලවා ගත්තේ නිකම් බොරු ලියන්න එපා බන්
අනිත් එකා එහෙම කළත් උකස් ගත්තු කෙනා ඒක දන්නවනේ... මේවා උගස් කළේ කවුද කියලා...
හොරුන් ඔවුන්ව හඳුනා ගැනීමට නොහැකි අයුරින් පැමිනුණත්,ඔවුන් හොඳින් අන් අයව හඳුනනවා වෙන්නට බැරිද ? හොරුන් හොරකමක් කරන්නේ,බොහෝවිට හොඳින් හිතා බලා සැලසුම් කරලා.ඒ නිසයි කියමනක් තියෙන්නේ හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියලා.