ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ආදිය සඳහා සෙත් ශාන්ති කර දෙන බව පවසමින් රත්රන් සහ මුදල් ලබාගෙන වංචා කරමින් සැඟව සිටි දේවාලයක කපුවකු පොලිස් නිලධාරිනියකගේ දුරකතන ඇමතුමකට රැවටී කපෝතිවීමේ සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.
උඩුනුවර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බව කියන සැකකාර කපුවා විවිධ ප්‍රශ්න මත අසරණ වූ කාන්තාවන්ගෙන් මුදල් සහ රත්රන් සුර ලබාගෙන එම සුර ජීවන් කොට තෙල් බහා ආපසු දෙන බව පොලිසිය කියයි.
මහනුවර ජාතික රෝහලේ කනිෂ්ඨ සේවිකාවකගෙන්ද ඇයගේ සැමියාගේ රෝගාබාධයක් සුවකර දෙන බව පවසමින් රුපියල් 50,000ක් වටිනා රන් සුරයක් සහ රුපියල් 10,000ක් ලබාගෙන මග හැරීම හේතුවෙන් ඇය පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබේ.
කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා උපායක් යෙදූ පොලිස් කාන්තාවක කපුවාගේ ජංගම දුරකතනයට ඇමතුමක් දී ඇය විදේශ රටක සිට පැමිණි අයකු බවත් නැවත විදේශගතවීම සඳහා බාධා පැමිණ තිබෙන බවත් ඒ සඳහා ශාන්තිකර්මයක් කරගත යුතු බව පැවසීමෙන් අනතුරුව කපුවා ඊට එකඟ වී තිබේ. ඒ සඳහා රුපියල් 50,000ක මුදලක් ද කාන්තාවගෙන් කපුවා ඉල්ලා තිබේ.
ගනුදෙනු සියල්ලම කතා කර ගැනීමෙන් අනතුරුව කාන්තාව පවසා ඇත්තේ පේරාදෙණියේ පිහිටි තම නිවසට පැමිණෙන ලෙසයි. ඒ අනුව පැමිණි කපුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
මහනුවර ෂේන් සෙනෙවිරත්න
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කතුන් රවටා මුදල් ගැරූ කපුවා කපෝති