IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගමේ ගෑනු ඇඳුම් හොරා අවුරුදු උත්සවයේදී අහුවෙලා

බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා


අවුරුදු උත්සවයේ විවිධ ඇඳුම් තරගයේ දී ගමේ කාන්තා ඇඳුම් හොරා අල්ලා ගැනීමේ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
ප්‍රදේශයේ තරුණ පිරිස මෙම අවුරුදු උළෙලක් සංවිධානය කළේ වසර කිහිපයකට පසුවය. කොරෝනා සහ රටේ පැවැති අරගල හේතුවෙන් වසර කිහිපයක් අවුරුදු උත්සවයක් පැවැත්වීමට තරුණ පිරිසට නොහැකි විය.
අවුරුදු උදාවත් සමගම ගම් තරුණයෝ අවුරුදු උත්සවය මහත් ඉහළින් පැවැත්වීමට සූදානම් වූයේ එය ඔවුන් සිව්වැනි වරටත් පවත්වන්නක් බැවිනි. ලිස්සන ගහ නැඟීම, කනා මුට්ටිය බිඳීම, අවුරුදු කුමරිය තේරීම සහ විවිධ ඇඳුම් තරගය ඇතුළු තරග රාශියක් දවස පුරා පැවැත්විණි. 
විවිධ ඇඳුම් තරගයෙන් පසු අවුරුදු කුමරිය තේරීමට තිබූ බැවින් අවුරුදු කුමරිය කවුදැයි දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. 
මේ වන විට වෙලාව සවස හයට ආසන්න වී තිබිණි. 
විවිධ ඇඳුම් තරගය සඳහා විශාල තරගකරුවෝ රැසක් ඉදිරිපත් වී සිටියහ. කොණ්ඩය වවා ගත් තරුණයකු පැමිණියේ අත බලා සාස්තර කියන අහිගුණ්ඨික කාන්තාවකගේ චරිතයක් රඟ දැක්වීමටය. ඒ සමඟම පැමිණි සිටි පිරිස අතර කසු කුසුවක් ද ඇති විණි. 
‘අන්න අරූ ඇඳගෙන ඇවිත් තිබෙන්නේ මගේ නැතිවුණු සාරිය’ යැයි කාන්තාවක් කියා සිටියාය.
’ඔය ඇඳගෙන ඉන්නේ මගේ නැතිවුණු හැට්ටය’ යැයි තවත් කාන්තාවක් කීවාය. 
මේ කසු කුසුව තරුණ පිරිසට ද ඇසුණු හෙයින් ‘ඇඳුම් හොරා’ යැයි නරඹන පිරිස අතරින් ඇසෙන්නට වූහ.
මේ වන විට ගමේ කාන්තාවන් පිරිසකගේ රෙදි විටින් විට අස්ථානගත වී තිබූ අතර රෙදි සොරා සොයා ගැනීමට නොහැකි වී තිබිණි. විවිධ ඇඳුම් තරගය නිසා සොයා ගැනීමට හැකි වූ රෙදි හොරාට පහර දී ඇඳ සිටි රෙදි ගලවා ගැනීමට කාන්තාවෝ පිරිසක් වේදිකාවට ගොඩ වන්නට වූහ. 
කාන්තාවන් පහර දෙන්න සූදානම් වන විටම  රෙදි හොරා වේදිකාවෙන් පැන යාමට උත්සහ දැරුවේය. කාන්තාවක් සාරියේ කොනකින් අල්ලා ගන්නා විට ඔහු සාරිය ගලවා දමා පැන ගියේ හැටට හැටේය. එවිට යටට ඇඳ සිටි සායේ අයිතිකාරියට ද  සාය හඳුනා ගැනීමට හැකිවිය. 
අනෙක් තරගකරුවන් අතරින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකි වූ අතර විවිධ ඇඳුම් තරගයෙන් රෙදි හොරා කවුදැයි දැන ගැනීමට ගමේ ජනතාවට හැකි වූ බව කවුරුත් කියන්නට වූහ.

 



අදහස් (0)

ගමේ ගෑනු ඇඳුම් හොරා අවුරුදු උත්සවයේදී අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17646 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site