IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


අවුරුද්දට සූදු කෙළියේ ගිහින් ලිඳක් ඇතුලේ

මුදලට සූදු සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමග සූදු සෙල්ලම් කරමින් සිටි පිරිස දිවයන අතරතුරු එක් පුද්ගලයකු අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටීමේ පුවතක් බෙංගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

සිද්ධිය මෙසේය.

සිංහල අවුරුදු කාලය වෙනුවෙන් ඇතැම් පුද්ගලයෝ මුදලට සූදු සෙල්ලම් කරති. එවැනි සූදු පොළක් රොටුඹ පොලිස් වසමේ බෙංගමුව දාබෝගල ප්‍රදේශයේ ඉකුත් අවුරුදු දින පැවැත්විණි. පිරිස සූදු සෙල්ලම් කරන අතරතුර එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණීමත් සමග සූදු කෙළමින් සිටි පිරිස සීසීකඩ දිව යන්නට වූහ. ඇතැම් පුද්ගලයන් ආසන්නයේ ඇති නිවාස තුළට රිංඟා සැඟවුණ අතර තවත් පිරිසක් පලා ගොස් ඇත. මෙසේ දිව ගිය පුද්ගලයකු නිවසක මිදුලේ තිබූ අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට ඇද වැටී ඇත. ළිඳ අසල තිබූ වතුර බටයක් ගැලවී යාම නිසා එය සකස් කිරීමට පැමිණි නිවසේ අයෙකුට මාව ගොඩට ගන්න කියා උදව් ඉල්ලා කතා කර ඇති අතර අවට සෝදිසි කර බැලු‍වත් කිසිවකු දක්නට නොමැති නිසා මිදුලේ ඇති ළිඳ තුළ සෝදිසි කර බැලීමේදී කිසිවකු ඒ තුළ සිටිනු දැක ඇත. පසුව නිවසේ අය එක්වී කඹයක් ආධාරයෙන් එම පුද්ගලයා ගොඩට ගැනීමට කටයුතු කර තිබූ අතර ගොඩට ගැනීමෙන් පසු අවුරුද්දට වතුර බොන්න ළිඳේ වතුර ටික ඉවත් කර පිරිසුදු කර දෙන බවට පවසා ඔහු පිටව ගොස් ඇත. ඔහු ළිඳට වැටෙන අවස්ථාව වන විට අඩි 4 කට වඩා අඩු වතුර ප්‍රමාණයක් තිබීම නිසා අනතුරක් නොවූ බව නිවැසියෝ කියති.

ළිඳෙන් ගොඩ ගත් පුද්ගලයා ළිඳේ වතුර ඉවත් කර පිරිසිදු කර දෙන්න පැමිණ නැති අතර නිවැසියන්ටම එය සිදු කර ගැනීමට සිදු වූ බවට පසුව අසන්නට ලැබිණි.

ඌරුබොක්ක ඩී.ඒ. පතිරණ

 



අදහස් (0)

අවුරුද්දට සූදු කෙළියේ ගිහින් ලිඳක් ඇතුලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site