IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වැඩි කයියට ගිහින් මිතුරාගේ පෙමත් හබක්

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

මිතුරාගේ උත්තර වලින් සිය පෙම්වතිය අහිමි වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය
ඔහු අවුරුදු ගණනක් ඇයත් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයද එක හිතින් ඔහුට ආදරය කළාය. මෙම ප්‍රේමයට ඔහුට උදව් උපකාර කර ඇත්තේ ඔහුගේ මිතුරෙකි.

බීමට තරමක් කෑදර මිතුරා මත්පැන් පානය කළ පසු ඔහු කියන කරන දෑ ගැන සිතන්නේ පසු දින වෙරි හිඳී ගිය පසුවය.

ප්‍රේම සම්බන්ධය ඔහුගේ පෙම්වතියගේ නිවෙසට ආරංචි වූයේ සෑහෙන කලක් ගෙවී ගියාට පසුවය. ඇයගේ මවුපියන් නිවෙසට පැමිණ මේ පිළිබඳව කතා බස් කරන ලෙස දැනුම් දුන්නේ ඒ සඳහා දිනයක්ද ලබාදෙමිනි.

යොදාගත් දිනයේදී මිතුරා උදෑසන සිය සුපුරුදු රාජකාරිය ආරම්භ කරමින් අරක්කු කාලක් පානය කළේ මිතුරාගේ මංගල කාරණාව පිළිබඳව සතුට සමරමිනි.

මෙම තරුණයා පොහොසත් පවුලක බැවින් ඒ පිළිබඳව තමන් කියනවාට වඩා මිතුරාට වැඩිකර පවසන ලෙස දැනුම් දුන්නේ වැඩි හොඳටය.

නිවසට ගොස් ආගිය තොරතුරු කතා කර විස්තර විමසද්දී සිය මිතුරා පවසන දේට වඩා වැඩිකර ඔහු උත්තර දුන්නේ මිතුරාගේ උපදෙස් සිහියේ තබාගනිමිනි.  “කාර් එකකුත් තිබෙනවා යැයි ”‍ මිතුරා පවසද්දී පිස්සුද ? මෙයාට කාර් දෙකක්ම තියෙනවා යැයි ඔහු පැවැසුවේය.

මේ අතර මිතුරාගේ අත මදුරුවෙක් දෂ්ට කර ඇති අතර ඔහු එම අත කසමින් සිටියදී තරුණියගේ මවුපියන්  “පුතා අත කසන්නේ ඇයි ”‍  දැයි අසද්දී ඔහුගේ මිතුරා වහා ඉදිරිපත් වී පිළිතුරු දුන්නේය.  “පිස්සුද ? පොඩි කැසිල්ලක් නෙමෙයි, මෙයාලගේ පවුලෙම අයට කැසිල්ල තියෙනවා. මෙයත් දැන් අවුරුදු ගණනක් තිස්සේ බෙහෙත් ගන්නවා.

තරුණියගේ මවුපියන් මුහුණට මුහුණු බලා ටික වේලාවකට පසු පැවැසුවේ මගුල් තුලාව ගැන ඉක්මනින් උත්තරයක් දෙන බවය. සිය පෙම්වතිය පිළිබඳව අදහස අතහැර දැමූ තරුණයා නිෙවසින් පිටව ගියේ සිය මිතුරාට සාප කරමිනි.



අදහස් (0)

වැඩි කයියට ගිහින් මිතුරාගේ පෙමත් හබක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17646 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site