IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මල් වඩම ගඟට විසිකර ‘‘මළ ගෙදරට’’ බිස්කට් අරන් ගිහින්

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

තම හොඳම මිතුරාගේ පියාගේ අවමංගල්‍ය අසා මල් වඩමක්ද රැගෙන එහි යන්නට ගිය මිතුරන් දෙදෙනකු අතර මගදී මල්වඩම ගඟකට දමා හිස් අතින් එම නිවෙසට යාමේ පුවතක්  ගාල්ල දිසාවේ ගමකින් වාර්තා වේ.

ඔවුහු ඉතාම කුළුපග මිතුරෝ තිදෙනෙකි. ඉන් එක් මිතුරකුගේ මහ ගෙදර පිහිටා තිබුණේ ඔවුන් පදිංචි ප්‍රදේශයේ සිට සැතපුම් ගණනාවක් දුරිනි. ඔහුගේ වයසක පියා හිටිහැටියේ අසනීප වූ බවට මවගෙන් ලද පණිවුඩයක් නිසා මිතුරා පියාට උවටැන් කිරීම සඳහා ඔහුගේ මහ ගෙදරට ගියේය. ටික දිනකට පසු වෙනත් මිතුරකුගෙන් අනෙක් දෙදෙනාට දැනගන්නට ලැබුණේ අර මිතුරාගේ පියා මියගිය බවය.

තමන්ගේ අතිජාත මිතුරාගේ පියාට අවසන් ගෞරව දක්වා එන්නට එහි යාමට මේ මිතුරෝ දෙදෙනා කතිකා කරගත්හ. ඒ අනුව එක් මිතුරකුගේ යතුරු පැදියෙන් දෙදෙනාම මළ ගෙදර යාමට පිටත්ව ගියහ.

ටික දුරක් යද්දී මේ දෙදෙනා කතා කළේ මළ ගෙදරට මොනවා හෝ රැගෙන යායුතු බවය. එක් මිතුරකු යෝජනා කළේ මල්වඩමක් රැගෙන යමු කියාය. අනෙක් මිතුරා ද ඊට කැමැති විය. ඒ අනුව ඔවුන් පසුකරමින් සිටි නගරයේ මල් කඩයකට ගොඩ වූ දෙදෙනා මුදල් දී මල්වඩමක් සූදානම් කරගත්හ.

තවත් ටික වේලාවකට පසු මිතුරා මල්වඩමත් රැගෙන මිතුරාගේ නිවස බලා ගියේය. විශාල ගඟක් හරහා වැටි තිබුණ පාලමෙන් ද එගොඩට ගිය ද ඉන් එහාට මිතුරාගේ ගෙදරට යාමට මොවුන් හරිහැටි දැන සිටියේ නැත.

මෙම මිතුරන් දෙදෙනා කලින් එම මිතුරාගේ මහ ගෙදරට ගොස් තිබුණේ නැත. ඒ නිසා ඔවුන් ඒ අසල වූ නිවසක් ළඟ නවතා එක් මිතුරෙක් එහි ගොස් මිතුරාගේ විස්තර කියා නිවසට යන පාර ඇසීය.

නිවෙස් හිමියා පාර කියූ අතර ඔහු කීවේ මිතුරාගේ පියාට දැන් තරමක් සුව බවය.

ඒ කියූ දෙයින් මේ මිතුරෝ දෙදෙනාම මහත් අසීරු තත්ත්වයට පත් වූහ.

යතුරුපැදිය ආපසු හරවාගෙන ගඟ ළඟට පැමිණි ඔවුහු වටපිට බලා කවුරුවත් නැතිවූ තැන මල්වඩම ගඟට වීසි කළහ.

පසුව දෙදෙනා මේ කිසිවක් නොවූ අයුරින් අසල වෙළෙඳසලකින් බිස්කට් පැකැට්ටුවක් ද රැගෙන ගොස් මිතුරාගේ පියාගේ සුවදුක් විමසා ආපසු පැමිණියහ.

මේ සිද්ධිය රහසක් ලෙස තබාගත්ත ද පසුගිය දිනක එක් මිතුරකු මේ සිද්ධිය හෙළි කළේ තවත් මිතුරන් පිරිසක් සමග තේ බොමින් සිටියදීය.



අදහස් (1)

මල් වඩම ගඟට විසිකර ‘‘මළ ගෙදරට’’ බිස්කට් අරන් ගිහින්

සුජීව Friday, 21 April 2023 10:42 AM

සෑම කෙනෙක් ගාවම දුරකථන තියන රටක මෙවැනි සිදුවීම් බොරුවට ලියන බව පෙනේ.

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17741 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site