IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ෆෝන් එකෙන් ‘චූන්වෙලා’ නෝනා හොරේ අල්ලාගෙන

 

  • කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය

බඩඉරිඟු හේනක පැලක් තුළ රාත්‍රි කාලයේ සිදුවුණු ප්‍රේම ජවනිකාවක දෙබස් තොගයක් ජංගම දුරකතනයකින් රහසේ පටිගත කිරීම හේතුවෙන් දරු තිදෙනකු සිටින මනමාල පියකුගේ පටි රෝල් වූ පුවතක් කැබිතිගොල්ලෑවත්, පදවියත් අතර ගම්මානයකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.
ඔහු දරු තිදෙනකුගේ පියෙකි. සිවිල් ආරක්ෂක භටයෙකි. වයසට වඩා තරුණ පෙනුමක් ඇති උපන්ගෙයි මනමාලයෙකි. ගොවිතැනට ද දක්ෂයෙකි. මෙවර ඔහුගේ බඩ ඉරිඟු හේන සරුසාරව වැවී තිබුණි.

මෙදා රාත්‍රි පැල් රැකීමට ඔහු නිවෙසින් පිටව යන්නේ වෙනදා නැති උද්දාමයකින් බව බිරියට ඉවෙන් මෙන් වැටහී තිබුණි. බිරිය සමග වැඩි අල්ලාප සල්ලාප නොපැවැත්වීමට ඔහු වග බලා ගෙන ඇති බව බිරිය දැන සිටියාය.

සැමියාට හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරමට නිතර කේන්ති ගියේය. තම සැමියා කොහේ හරි ‘‘සක්කර වට්ටමක්’’ සමග පැටලී ඇතැයි ඇය අනුමාන කළාය.

සැමියාගේ මේ ‘‘වෙනස’’ සහ ‘‘හොරය’’ කෙසේ හෝ සොයා ගන්නවා යැයි කල්පනා කළ බිරිය ඒ සඳහා අපූරු උපක්‍රමයක් යෙදුවාය. ඇය සැමියා නොමැති දවල් කාලයේ පැලට ගොඩ වී සැලසුම ක්‍රියාත්මක කොට පැලෙන් බිමට බැස ගෙදර ගියාය.

සුපුරුදු පරිදි සැමියා වෙනදා මෙන්ම මහත් උජාරුවෙන් රාත්‍රි කාලයේ පැල කරා ගමන් කළේය.

පසුදා උදෑසන සැමියා නිවෙසට පැමිණ දත කට මැද, කහට තේ කෝප්පයක් බී දහවල් රැකියාවට යෑමට ලක ලෑස්ති වෙද්දී, ගෙවත්ත ආසන්නයේ තිබුණු බඩ ඉරිඟු හේනේ පැළ වෙත බිරිය ලහි ලහියේම දිව ගොස් නැවත නිවෙසට පැමිණියාය. ඇය දරු තිදෙනාටම සාලය මැදට කතා කළාය. සැමියාට ද එතැනට අඬ ගැසූ බිරිය එදින රාත්‍රියේ පැල තුළ පිදුරු වහලයේ තමා සඟවා තිබූ ජංගම දුරකතනය ක්‍රියාත්මක කළාය.

ජංගම දුරකතනයේ එහා කෙළවරින් ඇසුණේ ඔවුන් හොඳින් හඳුනන අල්ලපු ගමේ තවත් දරු තිදෙනකුගේ මවකගේ කටහඬකි.
සැමියාගේත් අනියම් බිරියගේත් අමන්දානන්දයට පත්වන අපූරු දෙබස් ඛණ්ඩ සහිත ප්‍රේම ජවනිකාව සහ සිනා හඬ සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් සාලය මැද දරු තුන් දෙනා සහ බිරිය අභිමුව මෙලෙස දිග හැරෙද්දී, මනමාල පියාගේ රෙදි ගැලවුණේය.

පැය කීපයකට පසු කාන්තාවන් දෙදෙනා කෙහෙවලු පටලවා ගෙන ඊළඟට නැවතුණේ ඉස්පිරිතාලයේ ය. ඊටත් පසුව පොලිසියේය. ඊළඟට උසාවියේය.

මේ අතර මනමාල සැමියා ‘‘ස්පෙෂල් ඩියුටි’’ හදාගෙන කොළඹට පැන්නේය.

සියල්ල සන්සුන් වී ඇතත්, සිවිල් ආරක්ෂක පියා පාරේ ගමන් කරනවිට කොල්ලො කුරුට්ටන් ඔහුට ඇසෙන්නට ‘‘ඔබෙ දුරකතනයේ අංකය මතකද එහෙනම් කතා කරන්න’’ යන ගීතය ගායනා කර මනාල පියා අවුස්සා ගන්නවලු.

 



අදහස් (0)

ෆෝන් එකෙන් ‘චූන්වෙලා’ නෝනා හොරේ අල්ලාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site