එදා තිබූ බලයෙන් මෙවර වෙසක් දන්සලක් වදින්නට බිරින්දෑ සහ ඇයගේ සනුහරේම අය සමඟ ගොස් රෙදි ගැලවී රුපියල් දහදොළොස් දහක් නැති කරගත් පළා බබකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
මෙවර නගරයේ වෙසක් දන්සල සංවිධානය කළේ සිය ප්‍රාදේශීය සභාව ආසන්නයේ ගැවසුණු තමන් හොඳින් දන්නා තරුණ පිරිසකි. එදින පස්වරුවේ සිය නිවෙසට පැමිණ සිටි බිරින්දෑගේ සනුහරේ ඈයෝම මේ පලා බබා නතර කර ගත්තේ රෑ නගරයේ පැවැත්වෙන දන්සලෙන් කිසිදු කරදරයකින් තොරව පෝලිම්වල නොසිට වදින්න පුළුවන් යැයි උජාරුවෙන් වහසි බස් දොඩමිනි.
නගරයේ දන්සල ගැන දන්නා අය එය වැඳීමට දැඩි කැමැත්තක් දැක්වූයේ තරුණ සංවිධායකයන් එය අපූරුවට කරන නිසාය.
කටට රස කෑම දෙන වෙසක් දන්සලක් ලෙස එය ප්‍රදේශය පුරාම ප්‍රචලිතවීමත් සමඟම මේ දන්සල ගැන දන්නා ඕනෑම අයෙකුට එය මතක් කර සැනින්ම කටට කෙළ උනන්නේ ඉබේටමය. ඒ තරමටම ප්‍රනීත ආහාර වේලක් ලබාදීමට සංවිධායකයෝ වග බලා ගත්හ.
රෑට නොමිලයේ කෑම කන්න පුළුවන් යයි සිතූ පළා බබගේ බිරියද රෑට සිය නිවසේ එකදු වළදකුදු ළිපේ නොතිබ්බාය. කට්ටියම වෙසක්දා රෑ පළා බබාගේ වෑන් රියේ නැගී ගියේ නගරයේ දන්සල වැදීමටය. දන්සල් පෝලිම කිලෝමීටරයකට වඩා දිග මිසක් අඩුවක් නම් දක්නට නොලැබිණි.
මෙය මායිම් නොකළ පළා බබා පෝලිමේ මුලටම ගොස් පෝලිමෙන් තොරව ඇතුළුවීමට ගියේ එතන සිටි දන්නා හඳුනන සංවිධායක තරුණයන් කිහිපදෙනකුගේ නම් කියා හා කොහොමද මල්ලිලා යයි අසමිනි.
අපටත් කීවනම් ලොකු සපෝට් එකක් දෙනවනේ යැයි කතාවක් එකක් දමමින් සිය සනුහරේම අය සමඟ ඇතුළුවීම නොරිස්සූ සංවිධායක තරුණ පිරිස ඊට එරෙහි වූවේ අපෝ ඔව්, ඔව් අපි ඔයාට ගිය සැරේ කියලත් මොකුත්ම දුන්නේ නැහැනේ යයි අනේ අනේ ඔයාත් කට්ටියත් එක්ක පෝලිමේ එන්න යයි කියමිනි.
පෝලිමේ සිටි අයගේද විරෝධය නිසා ඔහුට එතනින් නික්ම යන්න වූවේ මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී දිලිසි දිලිසි තරහෙන් පිරි පිරී සිටි සිය බිරින්දෑගේ නෝක්කාඩු මධ්‍යයේය.
දැන් යමු යන්න ගෙදර මටනම් ආයෙ උයන්න බැහැ දවල් දවසෙත් බත් තම්බල තම්බලයි මම හිටියේ මේ අය නවත්ත ගත්තානම් කඩෙන් හරි මේ මිනිසුන්ට කන්න දෙනවා යයි කියමින් ඔහුගේ ඇඟට කඩා පනිමිනි.
දන්සල වදින්න බැරිවීමෙන් බිරින්දෑගේ ඥාතීන් ඉදිරියේ වූ අවනම්බුව වහගන්නත් එක්ක භාර්යාවගේ එම යෝජනාවට අකැමැත්තෙන් හෝ එයට ඔහුට එකඟ වන්නට සිදුවූයේ ඊට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බිරියගේ සනුහරේ ඉස්සර පළා බබාගේ රෙදි ගැලවිලා