සිලෝන් තියටර්ස් නවතම රීගල් සිනමා ශාලාව පොළොන්නරුවේදී විවෘත කෙරේ
සිලෝන් තියටර්ස් සමාගම, සිය නවතම රීගල් සිනමා සංකීර්ණය ඉකුත්දා පොළොන්නරුවේදී විවෘත කළේය. ප්රධාන නගරවලින් බැහැරව වෙසෙන ප්රේක්ෂකයන්ට ද නවීන සිනමා අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඉදිකළ මෙම සිනමා ශාලාව, පොළොන්නරුව රෝහල හන්දියේ, අංක 13 දරන ස්ථානයේ පිහිටි The Crown Mall හි පිහිටා ඇත.