Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “The Infinity by Groundworth” පසුගියදා ආරම්භ කරනු ලැබීය. කොළඹ නගරයට ආසන්නව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින උප නාගරික කලාපයක් වන පිළියන්දල - පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි The Infinity, පහසු ප්‍රවේශය, නවීන පහසුකම් සහිතව, හොඳින් සැලසුම් කළ නවීන නේවාසික පරිසරයක් තුළ පිහිටා ඇත. එසේම එය නවීන ජීවන රටාවකට සහ ඉහළ වර්ධනයක් සහිත ආයෝජන අවස්ථාවකට සුදුසුම තේරීමක් ලෙස හඳුන්වා දිය හැකිය.
The Infinity ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ග ජාලයට සමීපව පිහිටා ඇති බැවින්, කොළඹ සහ අනෙකුත් ව්‍යාපාරික මධ්‍යස්ථාන වෙත ඉතා පහසු සම්බන්ධතාවක් ලබා දෙයි. තවද කොළඹ - හොරණ මාර්ගයට මීටර් 500ක් සහ කහතුඩුව අන්තර් හුවමාරුවට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටා ඇත. පිළියන්දල සහ කැස්බෑව නගර ආශ්‍රිතව පිහිටා ඇති බැවින්, ශක්තිමත් යටිතල පහසුකම්වලින් සහාය ලබන නේවාසික ලිපිනයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
දිවයිනේ ප්‍රධාන සේවා පහසුකම් රැසක් මෙම ව්‍යාපෘතියට ඉතා ආසන්නව පිහිටා ඇත. වෑතර දිසා රෝහල කිලෝමීටරයක පමණ දුරින් පිහිටා ඇති අතර, Cargills Food City කිලෝමීටර් 1.5ක සහ Keells කිලෝමීටර් 3ක දුරින් ද පිහිටා ඇත. බැංකු, ආපන ශාලා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පහසුකම්වලට ද ඉතා පහසුවෙන් ළඟා විය හැක.
කහතුඩුව අන්තර් හුවමාරුව ආශ්‍රිතව සිදුවන නගර ව්‍යාප්තිය සහ හොඳ සම්බන්ධතාවකින් යුතු නේවාසික ඉඩම් සඳහා ඉහළ යන ඉල්ලුම හේතුවෙන්, පිළියන්දල - පොල්ගස්ඕවිට ප්‍රදේශය ඉහළ දේපළ වටිනාකම් වර්ධනයක් පෙන්නුම් කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd