ලංකා කොමර්ෂල් ට්‍රේඩින් පුද්ගලික සමාගම (LCT) මගින් රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුවට දායකවීමේ අරමුණින් විශේෂ දායකත්ව වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව, කෘෂිකාර්මික, ඉංජිනේරු පාඨමාලා පැවැත්වෙන ආයතන වෙත නවීන තාක්ෂණයෙන් යුක්ත සිව් රෝද ට්‍රැක්ටර් ගියර්බොක්ස් නොමිලේ පරිත්‍යාග කිරීම 2026 අප්‍රේල් 29 දින ආරම්භ විය.
මෙම ගියර් පද්ධතිය 12x12 වේග පරාසයකින් සමන්විත වන අතර Synchromesh හා Synchro Shuttle තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මෙම නවීන ගියර් පද්ධති හරහා යන්ත්‍රයේ ගියර් මාරු කිරීම සුමටව සහ කාර්යක්ෂමව කිරීමට හැකියාව ලැබේ.
මෙම වැඩසටහන යටතේ, කොළඹ නාවල පිහිටි විවෘත විශ්ව විද්‍යාලය, මාලබේ පිහිටි CINEC Campus, රත්මලාන පිහිටි කටුනායක ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සහ හෝමාගම තාක්ෂණික විද්‍යාලය යන ආයතන වෙත ට්‍රැක්ටර් ගියර් බොක්ස් පරිත්‍යාග කිරීම සිදු කෙරුණි.
මෙම වැඩසටහන හරහා සිසුන්ට ට්‍රැක්ටර් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට, යන්ත්‍ර කොටස් ගලවා බැලීම, විශ්ලේෂණය කිරීම සහ නැවත සවිකිරීම වැනි කාර්යයන් කිරීමට අවස්ථාව සලසයි. එමගින් අනාගත කෘෂිකාර්මික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කරමින් ක්ෂේත්‍රයට නව උදේගයක් ගෙන ඒම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
ලංකා කොමර්ෂල් ට්‍රේඩින් සමාගම විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදෙන තවත් වටිනා දායකත්වයක් ලෙස සලකමින්, තරුණ පරපුරට ප්‍රායෝගික අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝත්පාදන හා සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd