ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට කළ සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors  සමාගමට Platinum Excellence සම්මානය පිරිනමන ලදී. මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ. 
2011දී වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක රොද්‍රිගෝ මහතාගේ නායකත්වයෙන් ඇරැඹූ Kanro Interiors සමාගම ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂ ස්ථානයක් දිනා ගත් සමාගමක් ලෙස වර්ධනය වී ඇත. කාර්යාල අභ්‍යන්තර ඉදි කිරීම්, කාර්යාලීය ගෘහ භාණ්ඩ ස්ථාපනය, පාර්ටිෂන් සැකැසීම, සිවිලිම් සැකැසීම, බිම් ආවරණ, බ්ලයින්ඩ්ස් සහ සම්පූර්ණ Turnkey ව්‍යාපෘති ඇතුළු පුළුල් පරාසයක සේවා සැපැයීමට සමාගම කටයුතු කරයි. 
වසර ගණනාවක් පුරා Kanro Interiors සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක අභ්‍යන්තර සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිම කර ඇත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), Cipla Pharmaceuticals, Wurth Lanka, Sri Lanka Yourth Corps, CIC  සමූහය, Volume Lanka  වැනි ආයතන ඒ අතර වේ. 
එමෙන්ම Nestl Lanka, Browns, Agstar, Keells, ADIC Sri Lanka, Majestic Pride Casino, Hemas Logistics, AMW, Assetline Leasing, Sri Lanka Mobitel  ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් සමඟද සමාගම සමීපව කටයුතු කර ඇති අතර එය Kanro Interiors සමාගමේ වෘත්තීය විශ්වාසනීයත්වය සහ කර්මාන්තයේ පිළිගැනීම තව දුරටත් තහවුරු කරයි. 
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් Kanro Interiors  කළමනාකාරිත්වය සඳහන් කළේ, Platinum Excellence  සම්මානය තම කාර්ය මණ්ඩලයේ කැපවීම, වෘත්තීයභාවය සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන උසස් තත්වයේ අභ්‍යන්තර පරිසරයන් නිර්මාණය කිරීමට ගෙන යන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි.