මුළු ප්‍රාග්ධන අනුපාතය සියයට 19.01ක්
ශුද්ධ ණය ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 6 කින් (රු. බිලියන 3.8 කින්) වර්ධනය වී රු. බිලියන 67 ක් දක්වා ළඟා වෙලා
2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා කාගිල්ස් බැංකුවේ මූල්‍ය ප්‍රතිඵලවලට අනුව රුපියල් මිලියන 185 ක බදු පෙර ලාබයක් වාර්තා වී ඇත. මෙය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 42 ක පහත වැටීමකි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මුළු අනෙකුත් ආදායම රුපියල් මිලියන 381 කින් සැලකිය යුතු ලෙස අඩු වීමයි. මුළු අනෙකුත් ආදායමේ සිදු වූ මෙම අඩුවීම, ශුද්ධ පොලී ආදායමේ වැඩිවීම මගින් යම් ප්‍රමාණයකට පියවා ගැනීමට හැකි විය.
ශුද්ධ පොලී ආදායම රුපියල් මිලියන 1,041 දක්වා ඉහළ ගිය අතර, එය 2025 පළමු කාර්තුවට වඩා සියයට 20 ක වැඩිවීමකි. මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු වූයේ ණය වර්ධනය සහ වෙළෙඳපොළ තත්වයට අනුකූලව තැන්පතු හා ණය ප්‍රතිමිලකරණය කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කිරීමයි. එමගින් ශුද්ධ පොලී ආන්තිකය (NIM) ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ඇති අතර, එය 2025 පළමු කාර්තුවේ පැවති සියයට 4.38 සිට සමාලෝචිත කාර්තුවේදී සියයට 4.46 දක්වා වර්ධනය වීමෙන් පිළිබිඹු වේ.
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 2025 අදාළ කාර්තුවට සාපේක්ෂව රුපියල් මිලියන 7 ක සුළු අඩුවීමක් වාර්තා කර ඇත. මෙම සියයට 3 ක අඩුවීමට බලපෑවේ 2025 පළමු කාර්තුවේ ණය හා අත්තිකාරම්වලට අදාළව ඇතුළත් වූ එක් වරක් පමණක් ලැබුණු ආදායම් සහ මෙම කාර්තුවේ වෙළෙඳාම ආශ්‍රිත ගාස්තු ආදායමේ සිදු වූ සුළු අඩුවීමයි.
එලෙසම, අදාළ කාල සීමාව සඳහා වූ මුළු අනෙකුත් ආදායම සියයට 96 කින් රුපියල් මිලියන 15 දක්වා අඩු විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2025 පළමු කාර්තුව තුළ මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් ලැබූ ඉහළ ප්‍රාග්ධන ලාබ සහ සාධාරණ අගය මත පදනම් වූ මූල්‍ය වත්කම්වලින් ලැබූ ශුද්ධ ලාභයන්ය.
මුළු මෙහෙයුම් වියදම් සියයට 7 කින් රුපියල් මිලියන 979 දක්වා ඉහළ ගොස් ඇත. වැටුප් වර්ධක සහ වෙළෙඳපොළ තත්වයට අනුකූලව දක්ෂ සේවකයන් රඳවා ගැනීම සඳහා කළ ගැලපීම් හේතුවෙන් සේවක වියදම් සියයට 15 කින් ඉහළ ගොස් ඇත. තොරතුරු තාක්ෂණ සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සිදු කළ ආයෝජන හේතුවෙන් ක්ෂයවීම් සහ අගය අඩුකිරීම් සියයට 36 කින් වර්ධනය වී ඇත. බැංකුවේ පිරිවැය-ආදායම් අනුපාතය සියයට 75 ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 අදාළ කාර්තුවේ පැවති සියයට 71 ට සාපේක්ෂව වැඩිවීමකි.
බැංකුව සිය ”අනෙකුත් විස්තීර්ණ අලාභය” රුපියල් මිලියන 60.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු කරගෙන ඇති අතර, එය 2025 පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 307.3 ක අලාභයට සාපේක්ෂව සියයට 80 ක වර්ධනයකි. මීට අමතරව, මුළු විස්තීර්ණ ආදායම රුපියල් මිලියන 44.4 ක් ලෙස ධනාත්මක අගයක් ගත් අතර, එය 2025 අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 131 ක වර්ධනය වීමකි.
මෙහෙයුම් අංශ අතරින් බැංකු අංශය ප්‍රධාන කාර්ය සාධනයක් පෙන්නුම් කළ අතර, එහි බදු පෙර මෙහෙයුම් ලාබය 2025 පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 129 සිට රුපියල් මිලියන 282 දක්වා ඉහළ ගොස් ඇත. මෙම වර්ධනයට මෙහෙයුම් අංශයේ ශුද්ධ පොලී ආදායම සියයට 36 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 944 ක් දක්වා ළඟා වීම පිටිිවහලක් විය. භාණ්ඩාගාර සහ ආයෝජන අංශය බදු පෙර මෙහෙයුම් ලාබය සඳහා රුපියල් මිලියන 18 ක දායකත්වයක් ලබා දුන් අතර, එය පෙර කාලසීමාවේ වාර්තා වූ රුපියල් මිලියන 362 ක ඉහළ අගයට සාපේක්ෂව අඩුවීමකි.
විධිමත් විමර්ශන සහ අයකර ගැනීමේ ක්‍රියාවලි හරහා බැංකුව සිය වත්කම්වල ගුණාත්මකභාවයෙහි සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කළේය. කාර්තුව සඳහා වූ මුළු ණය හානිකරණ පිරිවැය රුපියල් මිලියන 24 ක් වූ අතර, එය 2025 පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 126 ට සාපේක්ෂව රුපියල් මිලියන 102 ක අඩුවීමකි.
අදියර 3 ණය (අදියර 3 ණය හානිකරණ වෙන් කිරීම් වලට පසු) / මුළු ණය අනුපාතය 2025 දෙසැම්බර් මස පැවති සියයට 6.52 සිට 2026 මාර්තු 31 වන විට සියයට 6.44 දක්වා වර්ධනය වී ඇත. අදියර 3 ණය හානිකරණය/ අදියර 3 ණය අනුපාතය සියයට 44.64 මට්ටමක පවත්වාගෙන යන ලදී.
කාගිල්ස් බැංකුව සිය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය සහ ද්‍රවශීල වත්කම් අනුපාත නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යයි. මුළු ප්‍රාග්ධන අනුපාතය 2025 අවසානයේ පැවති සියයට 17.12 සිට සියයට 19.01 දක්වා වර්ධනය කර ඇති අතර, එය අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයයි. ද්‍රවශීල වත්කම් ආවරණ අනුපාතය (රුපියල්) (LCR) සියයට 212.26 ක් ලෙසත්, සියලුම මුදල් ඒකක සඳහා අගය (LCR) සියයට 192.19 ක් ලෙසත් වාර්තා විය. ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සියයට 128.51 වේ.
2026 මාර්තු 31 දිනට බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 97.5 ක් වූ අතර, එය 2025 දෙසැම්බර් සිට රුපියල් බිලියන 5.8 ක හෙවත් සියයට 6 ක වර්ධනයකි. ශුද්ධ ණය සංචිතය රුපියල් බිලියන 63.1 සිට රුපියල් බිලියන 67 දක්වා රුපියල් බිලියන 3.8 ක හෙවත් සියයට 6 ක ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත.
පාරිභෝගික තැන්පතු සියයට 5 කින් වර්ධනය වී රුපියල් බිලියන 69.4 දක්වා ළඟා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd