ශ්‍රී ලංකාවේ XPENG සන්නාමයේ නිල බෙදාහරින්නා වන Evolution Auto (Pvt) Ltd විසින් නවතම XPENG G6 විදුලි SUV රථය 2026 මැයි 22 වැනිදා කොළඹ 05 හි පිහිටි Evolution Autoප්‍රදර්ශනාගාරයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන විදුලි මෝටර් රථ වෙළෙඳපොළේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම උත්සවයට මාධ්‍යවේදීන්, කර්මාන්ත නියෝජිතයන් සහ ආරාධිත අමුත්තන් එක්වූ අතර, XPENG G6 රථය නිල වශයෙන් එළිදැක්වීමත්, එය සජීවීව දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත්, ධාවන පරීක්ෂාවක අත්දැකීමක් ලබාගැනීමටත් පැමිණි සිටි පිරිසට අවස්ථාව ලැබුණි.
XPENG G6 හඳුන්වාදීම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ වෙළෙඳපොළ සඳහා ඉතා වැදගත් අවස්ථාවකදීය. විදුලි මෝටර් රථ සඳහා ජනතා උනන්දුව ඉහළ යමින් තිබුණද, එක් ආරෝපණයකින් ගමන් කළ හැකි දුර, උසස් මට්ටමේ විද්‍යුත් රථවල හිඟය සහ අලෙවියෙන් පසු සේවා පිළිබඳ ගැටලු වෙළෙඳපොළේ පැවතිණි. XPENG G6 එම ගැටලු සියල්ලට විසඳුමක් ලෙස හඳුන්වා දී ඇත.
Evolution Auto හි අලෙවි ප්‍රධානි අශාන් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “අපි ශ්‍රී ලංකාවට ගෙන එන්නේ සාමාන්‍ය මෝටර් රථයක් පමණක් නෙවේ. නවීන තාක්ෂණය, හිමිකාරිත්ව අත්දැකීම් සහ නවීන විද්‍යුත් වාහනයකින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් අරගෙන එනවා.”
ගෝලීය, මධ්‍යම සහ ඉහළ මට්ටමේ විද්‍යුත් වාහන කාණ්ඩයේ තරග කරන උසස් තත්වයේ විද්‍යුත් SUV රථයක් ලෙස ස්ථානගත කර ඇති Xpeng G6 රථය, WLTP සහතික ලත් 480kmක් දක්වා වූ ධාවන පරාසයක් (driving range) ලබා දෙයි. මෙම වාහනය 110 kWක නිමැවුමක් සහ 440 Nmක ව්‍යවර්ථයක් (torque) ලබා දෙන විද්‍යුත් මෝටරයකින් බලගන්වා ඇති අතර, එමඟින් කාර්යක්ෂමතාව, ක්‍රියාකාරීත්වය සහ එදිනෙදා භාවිතයේ පහසුව අතර මනා සමතුලිතතාවක් ලබා දෙයි.
G6 හි ප්‍රධානතම අංගයක් වූයේ Xpeng සතු සුවිශේෂී Level 2 උසස් රියැදුරු උපකාරක පද්ධතිය වන XPILOT පද්ධතියයි. මෙම පද්ධතියට Adaptive Cruise Control, Lane Centering, ස්වයංක්‍රීය වාහන නැවැත්වීම සහ දුරස්ථව වාහනය කැඳවීමේ හැකියාව ඇතුළත් වේ. ආරක්ෂාව සහ පහසුව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති XPILOT පද්ධතිය, Level 2 ස්වයංක්‍රීය ප්‍රමිතීන්ට අනුකූලව රියදුරුගේ සම්පූර්ණ වගකීම පවත්වා ගනිමින් රියදුරන්ට සහය දක්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd