කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
|
සභාපති ජයාන් ගොඩකන්ද |
දකුණු පළාතේ සංචාරක කර්මාන්තය හා බද්ධව ඇති එකම රාජ්‍ය ආයතනය වන රුහුණු සංචාරක කාර්යාංශය දකුණු පළාතට සංචාරකයන් පැමිණීමෙන් ලැබුණු ආදායමෙන් දකුණු පළාත් භාණ්ඩාගාරයට 2026 වසරේ යැවිය යුතු ඉලක්කගත ආදායම් මුදල මේ වසරේ මාර්තු 31 වැනිදා වන විට පියවූ බව රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා කීවේය.
2026 වසර නිමා වන විට සිය කාර්යාංශයෙන් පළාත් භාණ්ඩාගාරයට යැවිය යුතු සමස්ත ඉලක්කගත මුදල රුපියල් අනූපන් ලක්ෂයක් බවත් මාර්තු මස 31 වැනිදා වන විට එම ඉලක්කය ඉක්මවා රුපියල් අනූහත් ලක්ෂ දාහත්දහස් නමසිය හතළිස් හතක් පළාත් භාණ්ඩාගාරයට යැවූ බවත් ජයාන් ගොඩකන්ද මහතා කීවේය.
2026 ආදායම් ඉලක්කය මාර්තු මාසය වන විට අභිබවා යෑම රුහුණු සංචාරක කාර්යාංශයේ වාර්තාගත ප්‍රගතියක් බවත් ජයාන් ගොඩකන්ද මහතා කීය. රුහුණු සංචාරක කාර්යාංශ ඉතිහාසයේ මෙවන් වාර්තාගත ප්‍රගතියක් මින් පෙර නොලැබූ බවද ජයාන් ගොඩකන්ද මහතා කීවේය.
රුහුණු සංචාරක කාර්යාංශය පසුගිය 2022 වසරේදී දකුණු පළාත් භාණ්ඩාගාරයට යැවූ මුදල රුපියල් 73,18,166ක් බවත් එය 2023 වසරේදී රුපියල් 78,94,583.35ක් බවත් 2024 වසරේදී එය රුපියල් 70,00,000 ක් බවත් 2025 වසරේදී එය රුපියල් 85,00,000ක් බවත් ජයාන් ගොඩකන්ද මහතා කීවේය.
ඒ අනුව බලන කල සංචාරකයන් දකුණු පළාතට පැමිණීමෙන් පසු ඔවුන්ගෙන් දකුණු පළාතට ලැබුණු ආදායමින් වසරක් නොව මාස තුනක් ගතවීමටත් පෙර දකුණු පළාත් භාණ්ඩාගාරයට රුපියල් 97,17,947ක් යැවීමට රුහුණු සංචාරක කාර්යාංශය සමත් වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබෙන බව ද ගොඩකන්ද මහතා කීවේය.
සිය ආයතනය සංචාරකයන් දකුණු පළාතට අද්දවා ගැනීමට යෙදූ වැඩපිළිවෙළ සහ සිය ආයතනයේ ස්වංය මූල්‍ය පාලනයත් එම හේතු දෙක බවත් කී ගොඩකන්ද මහතා ආදායම් වැඩි කර ගැනීමේ වැඩසටහන් සහ වියදම් අවම කිරීමේ ක්‍රමවේද හා සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කිරීමත් එයට තවත් හේතු බවද ගොඩකන්ද මහතා කී අතර දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ව්‍යාපෘති රාශියක්ද මේ වන විටත් ආරම්භ කර ඇති බවද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd