දකුණු පළාතට නව විලාසිතා අත්දැකීමක් 


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, සිය ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් පුළුල් කරමින්, නවතම ප්‍රදර්ශනාගාරය  Galle City Center  හි පළමු මහලේ විවෘත කරන ලදී. මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා හමීඩියා සිය උසස් තත්වයේ නිමාවකින් යුතු නවීන ඇඟලු‍ම් විලාසිතා දකුණු පළාතේ පාරිභෝගිකයන් වෙත ද සමීප කරයි.
සමාරම්භක උත්සවය ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, හමීඩියා හි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා, හමීඩියාහි සභාපති සාදි වඩූඩ් මහතා, විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු හමීඩියා කාර්ය මණ්ඩල සාමාජිකයෝ මේ සඳහා එක්ව සිටියහ. 
Galle City Center හි නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමගිින් හමීඩියා ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් පුළුල් කරමින්, උසස් තත්වයේ ඇඟලු‍ම් විලාසිතා පාරිභෝගිකයන්ට සමීප කරවමින්, සිය සේවා වඩාත් පහසුවෙන් පාරිභෝගිකයන්ට ලබා දීමට හමීඩියා දරණ ප්‍රයත්නයේ තවත් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.
සුවිශේෂී පිරිමි ඇඟලු‍ම් විලාසිතා අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නිර්මාණය කර ඇති නව හමීඩියා ප්‍රදර්ශනාගාරයේදී Bespoke, Made-to-Measure (MTM)  සහ Made-to-Order (MTO) සේවා ලබා ගත හැකි අතර, පාරිභෝගිකයන්ට තෝරාගැනීම සඳහා රෙදි වර්ග 1,000 කට අධික සංඛ්‍යාවක්ද පවතී. මීට අමතරව නවතම Formal, Smart Casual, Casual සහ Linen  විලාසිතා රැසක් මෙන්ම උසස් තත්වයේ පාවහන් ද මෙහිදී ලබාගත හැකිය.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා මෙසේ පැවසුවේය. “ Galle City Center යනු මෙම ගාල්ල නගරයට ලැබුණු සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක්. හමීඩියා වැනි සන්නාමයක් මෙහි ස්ථාපිත වීම පිළිබඳව අපි සතුටු වනවා.දැන් ගාල්ල සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට හමීඩියා අත්දැකීම ලබා ගැනීම සඳහා කොළඹ නගරයටම යාමට අවශ්‍ය නොවේ. 
මෙම නව ප්‍රදර්ශනාගාරය පිළිබඳ අදහස් දැක්වූ හමීඩියා ආයතනයේ  කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා මෙසේ පැවසුවේය. “මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් අප සමග එක් වූ සියලු‍ දෙනාටත්, මෙම සාර්ථකත්වය වෙනුවෙන් කැපවී කටයුතු කළ අපගේ කණ්ඩායමටත් මාගේ ස්තූතිය පිරිනමනවා. හමීඩියා හි අප විශ්වාස කරන්නේ සැබෑ සුඛෝපභෝගීත්වය යනු උසස් තත්වය, විශිෂ්ට ශිල්පීය නිමාව සහ වටිනාකම යන කරුණු එකට එක්වීම බවයි. විශේෂයෙන්ම අපගේ පාවහන් ඇතුළු නිෂ්පාදන, ජාත්‍යන්තරව පිළිගත් සන්නාමවල ප්‍රමිතීන්ට සමාන හෝ බොහෝ අවස්ථාවල ඒවා ඉක්මවා යන බව මට විශ්වාසයෙන් පැවසිය හැකියි. අපගේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය, සහ ශිල්පීය නිමාව කෙරෙහි අප විශාල අවදානයක් ලබාදෙන අතර, ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී අත්දැකීමක් සාධාරණ මිලකට ලබාදීමට අප කැපවී සිටිනවා.”