ලංකාවේ ප්‍රමුඛතම ආයතනික බෝලින් තරගාවලිය වන ‘CDB Playdium Pin League’ (CDB PPL 2026), කොළඹ One Galle Face හි පිහිටි Playdium 026 මැයි 16 සහ 23 යන දිනවලදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා සාර්ථකව නිමාවට පත් විය.
දිවයිනේ නන් දෙසින් පැමිණි ආයතනික කණ්ඩායම්, බෝලින් ක්‍රීඩා ලෝලීන් සහ ක්ෂේත්‍රයේ ආයතන රැසක් එකට එක් කරමින් ඉහළ තරගකාරීත්වයකින් පැවැති මෙම තරගාවලිය, මනා ක්‍රීඩාශීලීත්වයකින් සහ සුහදශීලීත්වයකින් යුත් උදේගිමත් වටපිටාවක් නිර්මාණය කළේය. මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම්, අවසන් මහා තරගයේ ඉහළම ස්ථාන කරා පැමිණීම සඳහා එකිනෙකා සමග කරට කර සටනක නිරත වූයේ ප්‍රේක්ෂකයන්ට මෙන්ම තරගකරුවන්ට ද අමතක නොවන අත්දැකීමක් තිළිණ කරමිනි.
කණ්ඩායම් 43ක් තරග වැදුණු මෙවර තරගාවලිය, PPL ඉතිහාසයේ වැඩිම තරගකාරීත්වයක් මතු කළ අවස්ථාවක් ලෙස සනිටුහන් වේ. සෑම වසරකම පැවැත්වෙන PPL තරගාවලිය, මෙරට පැවැත්වෙන විශාලතම බෝලින් ශූරතාවලිය ලෙස කාගේත් පිළිගැනීමට ලක්ව ඇත. මෙමගින් ලංකාව තුළ බෝලින් හුදු තරගකාරී ක්‍රීඩාවකට වඩා, ආයතනික සේවකයන්ගේ මානසික සුවය සහ විනෝදාස්වාදය උදෙසා භාවිත කළ හැකි සුවිශේෂී ක්‍රියාකාරකමක් ලෙස කෙතරම් ජනප්‍රිය වෙමින් පවතින්නේද යන්න නැවත වරක් මැනවින් තහවුරු විය.
තරග වට රැසකින් අනතුරුව පැවැත්වුණු අති උදේගිමත් අවසන් මහා තරගයේදී, සුවිශේෂී දක්ෂතා දැක්වූ Panther Pacers කණ්ඩායම CDB PPL 2026 හි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. එහිදී අනුශූරතාව Sports Nutrition Hub කණ්ඩායම සතු වූ අතර, තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට Globe Glass Fireball කණ්ඩායම සමත් විය.
කණ්ඩායම් ජයග්‍රහණවලට අමතරව, තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණි. ඒ අනුව, තරගාවලිය පුරාවටම ඉහළම දක්ෂතාවක් පෙන්නුම් කළ Muhammad Azharuddin තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර, සුවිශේෂී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ Virginia H. Perera දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවාය.
CDB PPL 2026 තරගාවලිය සඳහා පාර්ශ්ව රැසකගේ අනුග්‍රහය හිමිවූ අතර එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Citizens Development Business Finance PLC (CDB) ආයතනය එක් වූ අතර, ATOM ආයතනය තාක්ෂණික සහකරු ලෙස කටයුතු කළේය. නිල කුසලතා සහකරු ලෙස Oceans Talent ද, ව්‍යාපාරික වේදිකා සහකරු ලෙස PickMe for Business ද අත්වැල් බැඳගත්හ. මීට අමතරව, One Galle Face උපායමාර්ගික සහකරු ලෙසත්, Kobra ශක්තිජනක සහකරු ලෙසත් තරගාවලියට දායකත්වය දැක්වීය.
ඩිජිටල් කන්ටෙන්ට් සහකරු ලෙස යහචැ. hype.Productions වෙතින් ද, නිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR Wire වෙතින් ද මෙම සත්කාරයට අමතර සහයෝගයක් හිමි විය. එමෙන්ම, නිල සජීවී විකාශන සහකරු ලෙස ThePapare ද, ත්‍යාග සහකරු ලෙස Pearl Bay Leisure Park ද, නිල උණුසුම් පාන සහකරු ලෙස Anchor Hot Chocolate ද එක්වෙමින් මුළු තරගාවලියේම ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd