මහජන බැංකුව විසින් සිය ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑබඩ ගම්මානයේ ව්‍යවසායකයන් සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) අතර මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ව්‍යාපාර තිරසරභාවය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණු අතර විය.
මහජන බැංකුවේ යූනියන් පෙදෙස ශාඛාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන පසුගියදා කොළඹ 02, පිපල්ස් ටවර්හිදි පැවැත්වුණු අතර, ව්‍යවසායකයන් 71 දෙනෙක් මේ සඳහා සහභාගි වූහ. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදි මූල්‍ය දැනුම වැඩිදියුණු කිරීම, මූල්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය රන් ව්‍යවසායකයන් අතර තිරසර ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ශිල්ප කවුන්සිලයේ බස්නාහිර පළාතේ වැඩබලන අධ්‍යක්ෂිකා තාරකා කුලතුංග, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) නාලිකා ලියනගේ, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාරිනි හරින්ද්‍රානි අබේවික්‍රම, යූනියන් පෙදෙස ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වී.ටී.ආර්. වසන්ත කුමාර යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd