එයිට්කන් ස්පෙන්ස් සමාගමට බිලියන 14.2 ක ලාභයක්
ලෝකයේ කර්මාන්තකරුවන් ශ්‍රේණිගත කිරීමේදී, එහි පළමු 100 දෙනා අතරට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකීය සමාගම වන, එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 14.2 ක ලාභයක් වාර්තා කර තිබේ. එය එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලාභය ලෙසින්, සමාගමේ වසර 150 ක සාඩම්බර ඉතිහාසයට එක්වෙන බව එම සමාගම කියයි.