ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය, තායිලන්ත ගුවන් සේවා අධිකාරිය විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් ලෙස සහතික කර ඇත. මෙම සුවිශේෂී සහතිකය සමඟින් තායිලන්තයේ ලියාපදිංචි ගුවන් යානා ක්‍රියාකරුවන්ට සහ ගෝලීය ගුවන් යානා බදු දෙන්නන්ට අවම පිරිවැයකින් ගුණාත්මක නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය වෙතින් සෘජුවම ලබා ගැනීමට හැකිය.
මෙම අනුමැතිය යටතේ, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට එයාර්බස් (Airbus) A320 මාදිලියේ ගුවන් යානා සඳහා මූලික නඩත්තු සහ පරීක්ෂාව (base maintenance and heavy checks) සහ එයාර්බස් (Airbus) A320 , එයාර්බස් (Airbus) A350 , බෝයිං (Boeing) 777 සහ 787 මාදිලියේ ගුවන් යානා සඳහා රේඛීය නඩත්තු (line maintenance), අලුත්වැඩියා සහ පරිපූර්ණ කිරීම් (component repair and overhaul) මෙන්ම හානිදායක නොවන පරීක්ෂණ (non-destructive testing) ඇතුළු පුළුල් නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (MRO) සේවා සැපයීමට අවසර ඇත.
තායිලන්ත ගුවන් සේවා අධිකාරිය ලබාදුන් මෙම සහතිකය සමඟින් තායි ගුවන් සමාගම් මෙන්ම ගුවන් යානා බදු දෙන්නන් සමඟ සහයෝගිතාවෙන් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම, ගුවන් යානා රඳවා ගැනීමේ කාලය අවම කිරීම, සහ පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ සේවා සැපයීමට ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශයට ඉහළ පිළිගැනීමක් ලැබේ.
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයේ හැකියාව සහ පාරිභෝගික සේවා ප්‍රවේශයන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබේ.
යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA-European Union Aviation Safety Agency), ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka), සහ තවත් බොහෝ ජාත්‍යන්තර පිළිගැනීම් ලබා ඇති ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය සිය තාක්ෂණික විශිෂ්ටත්වය සහ පාරිභෝගික සේවාව තුළින් නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (MRO) විශ්වසනීය සැපයුම්කරුවකු ලෙස ලොව ඉහළ කීර්තියක් සහ පිළිගැනීමක් ලබා ගැනීමට සමත් වී ඇත.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකන් ඉංජිනේරු අංශයට තායි ගුවන් සමාගම්වලට සේවා සැපයීමට CAAT සහතිකය