
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මානත්ය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ හුනාන් මාධ්‍ය ආයතනය සහ මැන්ගෝ ටීවී ඩිජිටල් වේදිකාව එක්ව නිෂ්පාදනය කළ සෙරෙන්ඩිපිෂස් ජර්නිස් රියැලිටි වැඩසටහන සාර්ථකව රූගත කර අවසන් කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කළේ, මෙවැනි රියැලිටි වැඩසටහනක් නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් චීන යුවාන් මිලියන 5 ක් පමණ වැයවුවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සඳහා නොමිලේ නිර්මාණය කර ඇති බවයි.
මෙම රියැලිටි වැඩසටහනට පෙනී සිටින සුවාන් සිටාවෝ සහ ෂු ගැන්ග්ට මිලියන 120 කට වැඩි රසිකයන් පිරිසක් සිටින බවත්, මෙම වැඩසටහන මීට පෙර රූගත කළ අනෙකුත් රටවල සංචාරක කර්මාන්තයට තල්ලුවක් ලැබී තිබෙන බවද ඔහු පැවැසුවේය. එළැඹෙන ජූලි මාසයේදී මැන්ගෝ ටීවී ඔස්සේ රියැලිටි වැඩසටහන ප්‍රදර්ශනය ආරම්භ වන බවත්, වැඩසටහන ප්‍රදර්ශනය වීමෙන් පසුව චීන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2010
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට යුවාන් මිලියන 5 ක රියැලිටි වැඩසටහනක් නොමිලේ