IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගණකාධිකාරි සේවයට බඳවා ගැනීමේ අවනඩුව

පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත ආයතනයක කළමනාකරණ සහ ගිණුම්කරණ සුදුසුකම් නොසලකමින් සහ වසා දමමින් මෙන්ම සුදුසුකම් ලැබූ සිසුන් 1,500කට වැඩි ගණනකට රජයේ ගණකාධිකාරි සේවා ඇබෑර්තු සඳහා අයැදුම් කිරීම අහිමි කරමින් නොපතින පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල සහ එක්සත් රාජධානියේ සුදුසුකම් හුවා දක්වමින් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයෙහි තුන් වැනි ශ්‍රේණියට (Grade III) ඍජු බඳවා ගැනීම සඳහා මෑතදී පළ කළ ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස ඉල්ලීමයි.
ශ්‍රී ලංකා රජයේ ගණකාධිකාරි සේවයේ තුන් වැනි ශ්‍රේණියට ඍජු බඳවා ගැනීම වෙනුවෙන් වූ 2025 මැයි 16 දිනැති ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි දැක්වෙන වෘත්තීය සුදුසුකම් සහ කුසලතාවල ශ්‍රී ලංකාව තුළ නොපවතින සමහර ගිණුම්කරණ සුදුසුකම් ඇතුළත් වී ඇති බව සනිටුහන් වී ඇත. ඒවා පහත සඳහන් අයුරු වේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක වරලත් ගණකාධිකරණ ආයතනයක අවසන් විභාගය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක වරලත් කළමනාකාරිත්ව ගණකාධිකරණ ආයතනයක අවසන් විභාගය.
සහතිකලත් වරලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ ආයතනයක අවසන් විභාගය.
 
පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපනය කළ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ ආයතනය තම ආයතනය (CMA ශ්‍රී ලංකා) විසින් පිරිනමනු ලබන සුදුසුකම් පිළිගැනීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සේවා කොමිසම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වුව ද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විශ්වවිද්‍යාල කොමිසම විසින් පත් කළ ස්වාධීන කමිටුවක වාර්තාවක් ඉදිරිපත් කර තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
රාජ්‍ය සේවා කොමිසම ද ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ ආයතනයට සුදුසුකම් ඍජු බඳවා ගැනීමට අදාළ කරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත බොහෝ ලිපි යවා තිබුණ ද, ඒවා පිළිබඳ අවධානය යොමු කොට නැත.
පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත සහතිකලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ ආයතනය මගින් ප්‍රදානය කරනු ලබන වෘත්තීය සුදුසුකම ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ 3 වැනි ශ්‍රේණියට ඍජු බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස ඇතුළත් නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2025 මැයි 16 දිනැති ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ අවසාන විභාගය සමත් මෙන්ම, බොහෝ දෙනකු ආයතනයේ සාමාජිකත්වය ලැබූ ගම්බද ප්‍රදේශවල සිසුන් 1,500කට වැඩි පිරිසකගේ අවස්ථාව වසා දමා ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, විශ්වවිද්‍යාල කොමිසම විසින් පත්කරනු ලැබූ ස්වාධීන විශේෂඥ කමිටු වාර්තාවෙහි කරන ලද නිර්දේශ අනුව ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ 3 වැනි ශ්‍රේණිය සඳහා විවෘත තරග විභාගය සහ ඍජු බඳවා ගැනීමේ සුදුසුකම් නිර්ණායකය සංශෝධනය කර ඇති අතර, CMAශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයන්ට ද ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ 3 වැනි ශ්‍රේණිය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ඇති බව සඳහන් කර ඇත.
එසේම, එම වාර්තාව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල වරලත් සහ කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ට සම්බන්ධ ප්‍රවේශ නිර්ණායකය ඉවත් කරන ලෙසත්, එය සංශෝධනය කරන ලෙසත් නිර්දේශ කර තිබේ. කෙසේ වුව ද, මේවා නිවැරැදි නොකොට වැරැදි සුදුසුකම් ගැසට් නිවේදනයට ඇතුළත් කිරීම මගින් විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශිත යල්පැ න ගිය සුදුසුකම් යාවත්කාලීන නොකිරීම බරපතළ කරුණක් වී ඇත.
එම නිසා පොදු රාජ්‍ය මණ්ඩලයීය ගිණුම්කරණ ආයතන වෙත යොමු වනු වෙනුවට පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සුදුසුකම් සහ සාමාජිකත්වය ඇතුළත් කරමින් 2025 මැයි 16 දිනැති ගැසට් නිවේදනයේ සඳහන් වැරැදි ප්‍රවේශ නිර්ණායකය නිවැරැදි කර, එම ඇබෑර්තු පිරවීම සඳහා නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලෙස දැඩිව නිර්දේශ කර සිටිමු.



අදහස් (0)

ගණකාධිකාරි සේවයට බඳවා ගැනීමේ අවනඩුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site