IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉෂාර නානායක්කාර සියෙරා කේබල්ස් සභාපති ධුරයට

භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයකු වන LOLC සමූහයේ උප සභාපති ඉෂාර නානායක්කාර මහතා සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි. ඒ අනුව නානායක්කාර මහතා මැයි 28 වැනිදා සිට බලාත්මක වන පරිදි සමාගමේ විධායක නොවන සභාපතිවරයා ලෙස පත් කර ගෙන තිබේ. මෙතෙක් කලක් සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.පී. පෙරේරා මහතා පසුගිය මැයි 21 වැනිදා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධූරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එම ඉල්ලා අස්වීම සිදුවන අස්ථාව වන විට පෙරේරා මහතා සතුව සමාගමේ කොටස් 598,078ක් පැවැති බව සදහන් වෙයි.


 LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් සියෙරා කේබල්ස් සමාගමේ සමස්ත කොටස් අතරින් කොටස් 304,264,422ක්, එනම් සියයට 56.60ක ප්‍රතිශතයක් අත්පත් කරගනිමින් එහි වැඩිම කොටස් හිමිකරුවා බවට පත්ව සිටියි. කොළඹ කොටස් හුවමාරුවේ වාර්තා සඳහන් කරන ආකාරයට 2025 මැයි 08 වැනිදා වනවිට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතුව සියෙරා කේබල්ස්හි කොටස් 140,623,654ක් එනම් සියයට 26.16ක ප්‍රතිශතයක් පවතී. අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම (බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි) සතුව තවත් කොටස් 163,580,768ක් එනම් සියයට 30.43ක ප්‍රතිශතයක් ඇත.



අදහස් (0)

ඉෂාර නානායක්කාර සියෙරා කේබල්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site